ප්‍රවීණ මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ සමුගනී | දිනමිණ

ප්‍රවීණ මාධ්‍යවේදී ජටිල වැල්ලබඩ සමුගනී

*ජාතික පුවත්පත් කිහිපයකම, 'ප්‍රධාන කර්තෘ' ධූරය හෙබ වූ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේ දී, 'ජටිල වැල්ලබඩ', හදිසි හෘදයාබාධයක් හේතුවෙන්, අද (21 වනදා) අලුයම අභාවප්‍රාප්ත විය..

'දිවයින' පුවත්පත හරහා පුවත්පත් කලාවට පිවිසි ඔහු  'ලක්බිම' පුවත්පතේ 'ප්‍රධාන කර්තෘ' සහ 'ඉරුදින' පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස ද කටයුතු කලේය.

 වර්තමානයේ දී, ඔහු 'ස්වාධීන රුපවාහිනී'(ITN)සේවයේ 'ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ', 'උපදේශකවරයෙකු' ලෙස, මිය යන විට සේවය කරමින් සිටියේ ය.

ශ්‍රී ලංකා කතෘ සංසදයේ ලේකම්වරයා ද වූ, වැල්ලබඩයන් කොළඹ 'ආනන්ද' විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය.

'ජටිල වැල්ලබඩ', මිය යන විට 57වන වියෙහි පසු වූ අතර, දෙදරු පියෙකි.

දේහය, අද රාත්‍රීයේ දී, කැළණිය රජමහා විහාරය අසල පිහිටි, ඔහුගේ නිවසේ තැන්පත් කර තබනු ඇති.

අවසන් කටයුතු, අඟහරුවාදා(23 වනදා), සවස 4.00ට කැළණිය, 'පිලපිටිය සුසාන භූමියේ' දී සිදු කිරීමට නියමිත ය.

නව අදහස දක්වන්න