කාබුල් හෝටලයේ පාලනය හමුදාව යටතට | දිනමිණ

කාබුල් හෝටලයේ පාලනය හමුදාව යටතට

කාබුල් අගනුවර තරු පහේ ඉන්ටකොන්ටිනෙන්ටල් හෝටලයට කඩාවැදී ප්‍රහාර එල්ල කරමින් සිටි ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක කළ ඇෆ්ගන් ආරක්ෂක මෙහෙයුම අවසන් වී ඇතැයි එරට ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

ත්‍රස්ත ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 06 දෙනෙකු තුවාල ලැබූ බව ද සඳහන්.

ප්‍රහාරයට පැමිණි සන්නද්ධ ත්‍රස්තවාදීන් 03 දෙනෙකුද ජීවිතක්ෂයට පත්වු අතර ඇෆ්ගන් රජයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ හෝටලය තුළ සිරවී සිටි 150 කට වැඩි පිරිසක් බේරාගත් බවයි.

ඒ අතර විදේශිකයන් 41 දෙනෙකුද සිටින බව සඳහන්.

ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු වගකීමක් භාරගෙන නොමැති අතර, 2011 වසරේදීද මෙම හෝටලයට තලේබාන් ප්‍රහාරයක් එල්ල විය.

නව අදහස දක්වන්න