වසා දැමූ කනිටු විදුහල ගරා වැටෙන්න හැරලා | දිනමිණ

වසා දැමූ කනිටු විදුහල ගරා වැටෙන්න හැරලා

ප්‍රයෝජනවත් වැඩකට යොදාගන්නැයි ගම්මු ඉල්ලති

පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාසයේ තලවත්තේගෙදර මානින්ගමුව රජයේ කනිටු විදුහල වැසී ගොස් දැනට වසර ගණනාවක් ගත වී ඇතත් එහි පාසල් ගොඩනැගිලි ඇතුළු වටිනා සම්පත් වෙනත් කිසිදු ප්‍රයෝජනයකට නොගැනීම නිසා විනාශ වෙමින් පවතී. එදා ගම්වාසීන්ගේ ධනය ශ්‍රමය යොදවමින් ගොඩනඟන ලද මේ පාසල පසුව රජයට පවරාගෙන පවත්වාගෙන ගියද සිසුන් නොමැති හෙයින් වැසී ගොස් තිබිණි.

පන්ති කාමර සහිත පාසල් ‍ගොඩනැගිලි 3ක් බුද්ධ ප්‍රතිමාවක් සහිත බුදුකුටියක්, ළිඳක්, වැසිකිළි, කැසිකිළි පද්ධති ඇතුළු වටිනා සම්පත් රැසක් පාසල් භූමියේ ඉදිකොට ඇතත් ඒවා දැනට ගරා වැටෙමින් පවතී. මේ ගොඩනැගිලි මෙසේ විනාශය කරා යාමට ඉඩ නොතබා ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා රැකියා සම්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් හෝ වෙනත් පොදු සේවාවක් සඳහා යෙදවීමට අදාළ බලධාරින්ගේ විශේෂ අවධානය යොමුවිය යුතු බව ප්‍රදේශයේ ජනතාව පවසති.

ගරා වැටෙමින් අභාවයට යන මේ පාසල් ගොඩනැගිලි තුළ ගම්වාසීන් දර කැබලි ගොඩ ගසා ඇති බවත් ඇතැමුන් වී වේලීම සඳහා යොදාගෙන ඇති බවත් ගම්වාසීහු පවසති.

වයඹ පළාත් සංචාරක
සේන ඉදිරිසිංහ 

 

නව අදහස දක්වන්න