යාපනයේ අඩු ආදයම්ලාභී පාසැල් දරුවන්ට ශිෂ්‍යත්ව | දිනමිණ

යාපනයේ අඩු ආදයම්ලාභී පාසැල් දරුවන්ට ශිෂ්‍යත්ව

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ ඉල්ලීමකට අනුව එංගලන්තයේ වෙසෙන ශ‍්‍රි ලාංකිකයින්ගේ එකමුතුව වන හවුන්ස්ලෝ ශ‍්‍රි ලංකා ජනහඩ පදනමෙන් යාපනයේ අඩු ආදයම්ලාභී පාසැල් දරුවන් 50ට ශිෂ්‍යත්ව ප‍්‍රධානය කිරීමේ උත්සවයක් අද දින පැවැත්විනි.

ඒ යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේදි.

එංගලන්තයේ හවුන්ස්ලෝ ශ‍්‍රි ලංකා ජනහඩ පදනම වෙනුවෙන් ශ‍්‍රිලාල් ඩයස්ඇතුලු එංගලන්තයේ වෙසෙන ශ‍්‍රි ලංකිකයින් පිරිසක් සහ යාපනය දිස්ත‍්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම්, යාපනය රේගූ අධ්‍යක්‍ෂ වසන්ත සිල්වා  ඇතුළු පිරිසක් සහභාගි විය.

මේ අනුව ශිෂ්‍යත්ව හිමිකරගත් පාසල් දුදරුවන්ට මසකට රු:5000.00 බැගින් වසර 05ක් යන තුරු ප‍්‍රථිලාභ හිමිවේ.

මීට පෙර යාපනයේ පුංගුඩුතිව් මහා විද්‍යාලයේ අඩු ආදායම් පවුල් වලින් තෝරාගත් සිසුන් දසදෙනෙකුට මෙවැනි ශිෂ්‍යත්ව 10 ක් ලබා දීමට කටයුතු කලේය.


නව අදහස දක්වන්න

Or log in with...