පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් විශිෂ්ටතම ව්‍යාපාර 30 අතරට | දිනමිණ

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් විශිෂ්ටතම ව්‍යාපාර 30 අතරට

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතරින් ප්‍රමුඛතම සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම 2016/17 වසර සඳහා, බිස්නස් ටුඬේ විශිෂ්ටතම ව්‍යාපාර 30න් 15 වන ස්ථානයට ශ්‍රේණිගත විය. 2013 වසරේ දී 18 වන ස්ථානය ලබා ගනිමින් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් වූ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම අඛණ්ඩව පස් වසරක් මෙම ශ්‍රේණිගතයේ රැඳී සිටියි.

බිස්නස් ටුඩේ සඟරාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන බිස්නස් ටුඬේ විශිෂ්ටතම ව්‍යාපාර 30 ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යාපාර 30ක් අංශ 10ක් යටතේ තෝරාගනු ලබයි.

විකුණුම් පිරිවැටුම, විකුණුම් පිරිවැටුමේ වර්ධනය, ලාභය, ලාභ වර්ධනය, කොටස් මත ප්‍රතිලාභය, කොටසක ඉපයීම, වෙළඳපොළ ප්‍රාග්ධනකරණය, ගණනය කරන ලද කොටසක වටිනාකම සහ අගය එකතු කිරීම යන නිර්ණායකයන් මෙම ලැයිස්තුගත කිරීම සඳහා සැලකිල්ලට ගනු ලැබේ.

1996 වසරේ පීපල්ස් ලීසිං සමාගම, ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ව්‍යාපාර කටයුතු ඇරඹීය. අද වන විට දිවයින පුරා ශාඛා 105ක් හරහා පීපල්ස් ලීසිං සිය මූල්‍ය විසදුම් ලබාදෙයි. සුහදශීලී, කඩිනම් සේවාව සහ නම්‍යශීලි මූල්‍ය සේවා තුළින් 21 වසරක් පුරා ගනුදෙනුකාරභවතුන්ගේ විශ්වාසය දිනා ඇති සමාගම නව්‍ය සහ විවිධාංගිකරණය කළ සේවා රැසක් සිය ගනුදෙනුකරුවන් වෙත විශ්වාසනීයව ලබා දෙයි.

පීපල්ස් ලීසිං සමාගම දිවයිනේ විශිෂ්ටතම වගකීම්සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට පස්වන වරටත් එක්වී ඇති අතර 2600කට වැඩි කාර්ය මණ්ඩලයක් හරහා සෑමවිටම ගනුදෙනුකාර භවතුන්ගේ අවශ්‍යතා පිළිබඳ මනාව අවබෝධ කරමින් ගුණාත්මකභාවයෙන් ඉහළ සේවා සපයන බව පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ඒගඑස්. ඊබ්‍රහීම් මහතා පවසයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...