බල්ලෙක් හැදුවොත් ජීවිතය දික්වේ | දිනමිණ

බල්ලෙක් හැදුවොත් ජීවිතය දික්වේ

සුනඛයෙක් සුරතලකු ලෙස තබාගෙන සිටින පුද්ගලයන්ට, හෘද රෝග වැළඳීමේ අවදානම අනෙකුත් පුද්ගලයන්ට සාපේක්ෂව අඩු මට්ටමක පවතින බව, ස්වීඩනයේ සිදු කළ අලුත් ම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

ඒ අනුව දැනට වැඩිහිටි වයසේ පසුවන, තනිව ජීවත් වන පුද්ගලයන්ට සිය මරණ අවදානම 33% කින් අඩු කර ගැනීමටත්, හෘද රෝග අවදානම 36% කින් අඩු කර ගැනීමටත්, මේ සුනඛ සුරතලකුගේ අවශ්‍යතාව කැපීපෙනෙන බව ඔවුන් පෙන්වා දෙයි. 2001 වසරේ සිට 2012 වසර දක්වා සිදු කළ මේ අධ්‍යයනය සඳහා ඔවුන්, වයස අවුරුදු 40ත් 80ත් අතර පසුවන, ස්වීඩනයේ වෙසෙන පුද්ගලයන් ලක්ෂ 34කගේ තොරතුරු විමසා තතිබේ. එහිදී සුනඛ සුරතලුන් සහිත සහ සුනඛ සුරතලුන් රහිත ලෙස ඔවුන් කාණ්ඩ කෙරී ඇත.

“සුනඛයකුගේ හිමිකාරීත්වය තනිවම ජීවත් වන පුද්ගලයකුගේ ජීවිතය බේරා ගැනීමේ ප්‍රධානම සාධකයක් බවට පත්වෙනවා. සමූහයක් එක්ක ජීවත් වන පුද්ගලයකුට වඩා, තනිව ජීවත් වන පුද්ගලයකුට හෘදය ආශ්‍රිත රෝග වැළඳීමේ වැඩි අවස්ථාවක් තියෙනවා.” මේ අධ්‍යයනයට සම්බන්ධ වූ ස්වීඩන් විශ්වවිද්‍යාල‍යේ මහාචාර්යවරයකු පවසා ඇත.

එසේ ම, සුනඛයකු සතු පුද්ගලයෙක් දිනපතාම ඉතා හොඳ මට්ටමේ ශාරීරික ව්‍යායාම්වල නිරත වන බවත්, එය ද මේ ප්‍රතිඵලය ලැබීමට හේතුවක් බවත්, අධ්‍යයනයේ නිරත පිරිස වැඩි දුරටත් සඳහන් කර ඇත.

අන්තර්ජාලය ඇසුරිනි

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න