බලාගෙනයි, 'ගුවනින් අසූචි' | දිනමිණ

බලාගෙනයි, 'ගුවනින් අසූචි'

උතුරු ඉන්දියාවේ 'හර්යානා' ප්‍රාන්තයේ ගමකට ඇද වැටුණ අයිස් ගුලියක් ගුවන් යානයක වැසිකිලියකින් නිකුත් වූ මිනිස් අපද්‍රව්‍ය තොගයක් විය හැකි බවට ඉන්දීය බලධාරීහු සැක කරති.

කිලෝග්‍රෑම් 10-12 අතර ප්‍රමාණයක් බරැති එම අයිස් කුට්ටිය පසුගිය සෙනසුරාදා විශාල ශබ්දයක් ඇති කරමින් හර්යානාහි 'ෆෂිල්පූර් බද්ලි' නම් ගම්මානයට වැටී ඇත.

එම ශබ්දයත් සමඟ ගම්වැසියන් කලබලයට පත් වූ බව ඉන්දීය වාර්තාවන්හි දැක්වෙයි.

ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන විවේක් කාලියා (Vivek Kalia) බීබීසියට අදහස් දක්වමින්, ඇතැම් ගම්වාසීන් එම අයිස් කුට්ටිය වෙනත් ලෝකයකින් කඩා වැටුන වස්තුවක් ලෙස සලකන ලද බවක් සඳහන් කළේය.

ගුවන් ගමන්වලදී මිනිස් අපද්‍රව්‍ය ගබඩා වීමට යානාවන්හි විශේෂ ටැංකි නිමවා ඇත.

ඒවා ඉවත ලනු ලැබීම කෙරෙන්නේ ගුවන් යානා ගොඩ බෑමෙන් අනතුරුවය.

එහෙත් ඇතැම් අවස්ථාවල ගුවනේ දී එවැනි ටැංකිවලින් මිනිස් අපද්‍රව්‍ය කාන්දු විය හැකි බව ජාත්‍යන්තර ගුවන් ගමන් බලධාරීහු පිළිගනිති.

(බී.බි.සිය ඇසුරෙනි)

අදහස් 1ක් ඇත

mokada , eya ehema wenne!

නව අදහස දක්වන්න