අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරනවා | දිනමිණ

අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරනවා

 පාර්ලිමේන්තුවේදී තමා අද (23) විශේෂ ප්‍රකාශයක් කරන බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

බැඳුම්කර සිද්ධියට අදාල ජනාධිපති කොමිසමේ වාර්තාවේ කරුණු විකෘති කර ඇති බවත් එය අභියෝගයට කරුනක් බවත් එක්සත් ජාතික පක්ෂ උපනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අගමැතිවරයාත් , මලික් සමරවික්‍රම හා කබීර් හෂම් මහතාත්, තමාත් සද්භාවයෙන් කොමිසම හමුවට පැමිණි බවත්, එහිදී ලබා දුන් කරුණුවලට පරස්පර කරුණු මේවන විට ඇතුළත් ව ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පෙරවරුවේ බටහිර කොටහේන ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමිනි. බැඳුම්කර සිද්ධිය පදනම් කරගෙන එක්සත් ජාතික පක්ෂ රජය අපහසුතාවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන කරුණානායක මහතා එය පරාජය කිරීම සඳහා පෙරට එනලෙස එජාප සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය. අද හොරු ටික එළියෙ, ආණ්ඩුව හදන්ට වෙර දරපු අය ට නිරපරාදේ චෝදනා කරනවා යැයිද රවී කරුණානායක මහතා වැඩිදුරටත් කීය. මෙහිදි මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් රවී කරුණානායක මහතා කියා සිටියේ ආර්ථික සංවර්ධන ය සදහා රජය ක්‍රියා නොකළ බවට කිසිවෙක් ප්‍රකාශ කරන්නෙ නම් එය වැරැදි වැටහීමක් බවයි. අපට තිබුණ විශාලතම අභියෝගය තමා මහින්ද රාජ පක්ෂ සමයේ ගත්තු ණය ගෙවා දමන එක. ඒ ණය ගෙවන අතර තුර ජනතාවගේ ජීවන බර අවම කිරීමට අපි ක්‍රියා කළා. අද ගෑස් ටික එදාට වඩා අඩු නැද්ද? පෙට්‍රල් , ඩීසල්, බූමිතෙල්, එදාට වඩා අඩු නැද්ද? අද සුදු වෑන් තියෙනවා ද? ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙලා නැද්ද ? මාධ්‍ය නිදහස ශක්තිමත් වෙලා නැද්ද ? අපි එක්සත් ජාතික පක්ෂයේ ගමන වෙනුවෙන් විශාල කැප කිරීමක් කළා යහපාලනය හදන්න. ඒ පාලනය කොළපාට විතරක් නොවේ හැම ජනකොටසකම යහපත සඳහායි. අපි ජනතාව ට පොරොන්දුවක් දුන්නා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට .මේ මොහොතේ කවුරු හරි යහපාලනය අභියෝගයට ලක්කරන වනම්, ඒ අභියෝගයට මුහුණ දෙන්න අපි සූදානම් බව රටට ම අවධාරණය කරනවා යැයිද රවී කරුණානායක මහතා වැඩිදුරටත් කීය. 

නව අදහස දක්වන්න