බැඳුම්කර වාර්තාව සභාගත කිරීම අද පස්වරුවේ | දිනමිණ

බැඳුම්කර වාර්තාව සභාගත කිරීම අද පස්වරුවේ

මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වාර්තාව අද දිනයේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතව තිබේ.
 
අද (23) පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව අදාළ වාර්තා සභාගත කිරීමට නියමිත බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
 
මේ සම්බන්ධයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඊයේ (22) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත් විය.
 
කතානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම පක්ෂ නායක රැස්වීමේ දී බැඳුම්කර කොමිෂන් වාර්තාව සහ බරපතළ වංචා විමර්ශන වාර්තාව පිළිබඳ විවාදය පවත්වන දිනය පිළිබඳ සාකච්ඡා වී තිබේ.
 
 

නව අදහස දක්වන්න