දේශීය නිෂ්පාදකයා රකින ට්‍රම්ප්ගේ බද්දට අනුමැතිය | දිනමිණ

දේශීය නිෂ්පාදකයා රකින ට්‍රම්ප්ගේ බද්දට අනුමැතිය

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ 'ඇමෙරිකා ෆස්ට්' ප්‍රතිපත්ති අනුව යමින් ආනයනික රෙදි සේදුම් යන්ත්‍ර සහ සූර්ය කෝෂ සම්බන්ධයෙන් වන මතභේදයට තුඩු දී ඇති තීරුබදු සඳහා ඇමරිකාවේ අනුමැතිය හිමිව තිබේ.

මෙම වෙළෙඳ ප්‍රතිපත්තියේ අරමුණ වී ඇත්තේ විදේශීය තරගකරුවන්ගෙන් දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීමයි. මෙයින් ඇමෙරිකානු සේවකයන්, ගොවීන්, ගොවිපළ හිමිකරුවන් සහ ව්‍යාපාරිකයින් ආරක්ෂා කරනු ඇති බව ට්‍රම්ප් පාලනය කියා සිටින අතර එම තීරු බදු වැඩි කිරීම වැඩියෙන්ම බලපාන චීනය හා දකුණු කොරියාව එය දැඩි සේ විවේචනයට ලක් කරයි.

එම තීරුබදු සඳහා අනුමැතිය ලබා දීම ජනාධිපති ට්‍රම්ප් විසින් එරට වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් ගනු ලැබූ සුවිශේෂී පියවරක් ලෙස සැලකේ.

සූර්ය කෝෂ සඳහා පනවන ලද තීරුබදු දේශීය නිෂ්පාදන සඳහා පනවා ඇති බදුවලට වඩා අඩු අගයක් ගනු ඇති බවට බලාපොරොත්තු පළ වුවද රෙදි සේදුම් යන්ත්‍ර සහ අමතර කොටස් සඳහා පනවා ඇති තීරු බදු බලාපොරොත්තු වුවාට වඩා ඉහළ අගයක් ගනු ඇති බව වාර්තා පෙන්වා දෙයි.

මේ අතර වර්ල්පූල් සමාගස මෙම තීරු බදු පැනවීම සඳහා අනුමැතිය ලබා දීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කර ඇත. වර්ල්පූල් යනු දකුණු කොරියාව සහ මෙක්සිකෝ සිට මිලෙන් අඩු උපකරණ සහ උපාංග ආනයනය කරනු ලැබීමෙන් ආරක්ෂා වීම සඳහා උත්සාහ කරමින් සිටි ඇමරිකානු නිෂ්පාදකයෙකි. 

නව අදහස දක්වන්න