නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන්ට ‍විශේෂ වැඩසටහන් | දිනමිණ

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන්ට ‍විශේෂ වැඩසටහන්

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය සහ විශ්වවිද්‍යාල අතර සහයෝගිත්වය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව, විශ්වවිද්‍යාල සිසුන්ගේ අන්තර්පුද්ගල සබඳතා මෙන්ම තිරසාරත්වය සම්බන්ධයෙන් ඔවුන් දක්වන උනන්දුව වැඩිදියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහන් පෙළක් ක්‍රියාත්මක කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මේ වනවිට කටයුතු යොදා තිබේ. මෙහි එක් අදියරක් වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලය සමඟ එක්වී වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලද අතර ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සහ එහි විද්‍යා පීඨයේ BEEZ (Base for Enthusiasts of Environmental Science and Zoology) සංගමයේ සහයෝගය හිමි විය.

සිසුන්ගේ අන්තර්පුද්ගල කුසලතා වැඩිදියුණු කිරීමේ පියවරක් වශයෙන් විශ්වවිද්‍යාලයේ කලා කළමනාකරණ සහ විද්‍යා පීඨ නියෝජනය කරන එහි 3 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනකු වෙනුවෙන් 2017 ඔක්තෝබර් 27 වැනිදා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ‘Hive Training Center’ හි දී විශේෂ පුහුණු වැඩමුළුවක් පැවැත්විණි. එහි දී අන්තර්පුද්ගල සබඳතා මෙන්ම මනෝ බුද්ධිමය කුසලතා සහ අභියෝගවලට නොසැලී මුහුණදීමේ හැකියාව යනා දී ගුණාංග වැඩිදියුණු කරගන්නා ආකාරය සම්බන්ධයෙන් එම සිසුන්ට පුහුණුවක් ලබාදෙන ලදී. ‘Bridge Partnership’ හි කේෂිනී ජයවර්ධන මහත්මිය විසින් වැඩමුළුව මෙහෙයවන ලද අතර නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවෝ මීට ස්වේච්ඡාවෙන් දායක වූහ. මෙහි විශේෂත්වය වන්නේ ඉදිරි මාස 3 ක කාලය තුළ මෙම සිසුන්ට මඟපෙන්වීම් ලබාදීමටද මෙම වැඩසටහන යටතේ කටයුතු යොදා තිබීම ය.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය සහ Bridge Partnership එක්වී මෙවැනි වැඩසටහනක් සංවිධානය කළ දෙවැනි අවස්ථාව මෙයයි. මීට ඉහත මෙම හවුල්කාරිත්වය යටතේ ජූලි මාසයේ දී එම විශ්වවිද්‍යාලයේ සිසුන් වෙනුවෙන් මෙබඳු වැඩමුළුවක් පවත්වන ලදි. එම වැඩමුළුවට සහභාගි වූ සිසුන්ද මේ වනවිට විශ්වවිද්‍යාල සිසුන් අතර ඇතැම් කුසලතා ප්‍රමාණාත්මක නොවීමේ අඩුපාඩු හඳුනා ගනිමින්, එම අඩුපාඩු පියවීම සඳහා ස්වේච්ඡාවෙන් දායක වෙමින් සිටින බව ඔවුන්ගේ ප්‍රතිචාර අනුව පැහැදිලි වේ. 

නව අදහස දක්වන්න