ඉදිරි පැය 02ක තුළ රන්ටැඹේ දොරටු ඇරෙන ලකුණු | දිනමිණ

ඉදිරි පැය 02ක තුළ රන්ටැඹේ දොරටු ඇරෙන ලකුණු

ඉදිරි පැය 02 ඇතුළත රන්ටැඹේ ජලාශයේ වාන් දොරටු විවෘත කළ හැකි බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ, අද උදෑසන සිට රන්ටැඹේ ජලාශය ආශ්‍රිත ප්‍රදේශයට ඇඳ හැලෙන අධික වර්ෂාපතනය සමඟ මෙම තත්ත්වය උදාවිය හැකි බවයි.

මේ හේතුවෙන් මහවැලි ගඟේ පහළ බෑවුමේ සිට රන්ටැඹේ ජලාශය දක්වා ඒ අවට ජිවත් වන ජනතාවට කල්පනාකාරී වෙන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

කෙසේ වෙතත්, විශේෂයෙන්ම මහියංගණය, මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහ මහියංගනය, මිනිපේ, මොරයාය, අඹගහපලාස්ස, හන්දගණුව, හසලක සහ රෝහණ යන ග්‍රාම නිලධාරි ප්‍රදේශවල ජීවත් වන ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස මධ්‍යස්ථානය නිවේදනය කරයි.

නව අදහස දක්වන්න