ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඡන්දය තහනම් | දිනමිණ

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඡන්දය තහනම්

ඇල්පිටිය ප්‍රදේශීය සභාවට ඡන්දය පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ගොනු කළ පෙත්මසක් සළකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර ඇත.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගන්නා තෙක් මෙම නියෝගය නිකුත් කර තිබේ.

කේ.ටී චිත්‍රසිරි, බුවනෙක අළුවිහාරේ , ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල  හමුවේ පෙත්සම කැඳැවිණි.

බලයලත්  නිලධාරීන් තම නාමයෝජනා පත්‍රය බාර නොදීම හේතුවෙන් තම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කළ බවත් , එමගින්  මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් කියමින් එම පක්ෂය යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට සිටි අපේක්ෂකයන් මෙම පෙත්සම ගොනු කර තිබිණි.

මෙම පෙත්සම්  විභාගය අවසන් වන තුරු ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ තාවකාලික අත්හිටුවීමට අධිකරණය තීන්දු කළේය.

නව අදහස දක්වන්න