අලි­යාන්ස් ලංකා ‘සිසු දිරිය’ - 5 ශිෂ්‍ය­ත්වය ඉහ­ළින් සම­ත්වූ­වන් අග­යයි | දිනමිණ

අලි­යාන්ස් ලංකා ‘සිසු දිරිය’ - 5 ශිෂ්‍ය­ත්වය ඉහ­ළින් සම­ත්වූ­වන් අග­යයි

අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරු දැරියන්ට අධ්‍යාපනයෙන් ඉදිරියට යාමේ දොරටු විවර කරදෙමින් අලියාන්ස් ‘සිසු දිරිය’ ශිෂ්‍යත්ව වැඩසටහන 3 වැනි වරටද ක්‍රියාත්මක කළේය. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ත්‍රික්ක මට්ටමින් ඉහළම ලකුණු ලබා ගන්නා සිසු සිසුවියන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා විශාල සහයෝගයක් ලබා දෙන අලියාන්ස් ‘සිසු දිරිය’ යනු අලියාන්ස් සමූහයේ 125 වැනි සංවත්සරයට සමගාමීව ආරම්භ කරන ලද ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයකි. අලියාන්ස් ‘සිසු දිරිය’ ශිෂ්‍යත්වය අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය පාරිභෝගික පිරිසට ලබා දෙන ප්‍රතිලාභ අතර තවත් එක් සුවිශේෂී ප්‍රතිලාභයකි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් යාපනය දිස්ත්‍රික් ප්‍රථමයා වූ ආනන්දිකා උදයකුමාර් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් දෙවැනියා වූ තෙෂාණි හිරණ්‍යා යන සිසුවියන් වෙනුවෙන් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා, සුරේඛා අලස් මහත්මිය විසින් පසුගියදා මේ ශිෂ්‍යත්ව පිරිනැමුවේය .

මේ සිසු සිසුවියන්ට එකවර මුදල් ත්‍යාගයක් ලබාදීම වෙනුවට උසස් පෙළ විභාගයට පළමු වර පෙනී සිටින තෙක් ඔවුන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය මුල්‍ය සහයෝගය මාසිකව ලැබෙන ආකාරයට අලියාන්ස් ‘සිසු දිරිය’ ශිෂ්‍යත්ව වැඩසටහන සැලසුම් කර තිබේ.

“අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සෑමවිටම අපගේ පාරිභෝගිකයන් සහ ඔවුන්ගේ ආදරනීයන්ගේ ව්‍යාපාරික මෙන්ම පෞද්ගලික අරමුණු සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය අනුබලය ලබා දෙනවා. අධ්‍යාපනයෙහි වටිනාකම පිළිබඳව අපි හොඳින්ම අවබෝධ කරගෙන සිටින අතර අලියාන්ස් ‘සිසු දිරිය’ ශිෂ්‍යත්ව වැඩසටහන හරහා අධ්‍යාපනයෙන් ඉදිරියට යාමට සිසු පරපුරට අපි සහයෝගය ලබා දෙනවා. ආනන්දිකා සහ තෙෂාණි සිසුවියන් දෙදෙනා ලැබූ ජයග්‍රහණය වෙනුවෙන් අපි ඔවුන්ට සුබපතනවා. අපගේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයේ ප්‍රයෝජන ලබා ගනිමින් ඔවුන්ගේ පාසල් ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යනු දැකීම අපගේ අපේක්ෂාවයි.” යනුවෙන් අදහස් දක්වා සිටියේ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා, සුරේඛා අලස් මහත්මියයි.

නව අදහස දක්වන්න