නුගේ­ගොඩ ජම්බු­ග­ස්මු­ල්ලේදී Lily Residencies සුඛෝ­ප­භෝගි නිවාස සංකී­ර්ණයේ ඉදි­කි­රීම් ඇරැඹේ | දිනමිණ

නුගේ­ගොඩ ජම්බු­ග­ස්මු­ල්ලේදී Lily Residencies සුඛෝ­ප­භෝගි නිවාස සංකී­ර්ණයේ ඉදි­කි­රීම් ඇරැඹේ

ජීවිතයම සුවපහසු කරන සුඛෝපභෝගි නව නිවාස සංකීර්ණයක් වන Lily Residencies ඉදිරිකිරීම් කටයුතු පසුගිය දා Deluxe Developers පෞද්ගලික සමාගම (www.deluxedevelopers.lk) විසින් ආරම්භ කරන ලදී.

Lily Residencies වේගයෙන් දියුණු වන වාණිජ නගරය වන නුගේගොඩ ජම්බුගස්මුල්ලේ ඉදිවන අතර එය ප්‍රධාන පෙළේ පාසල්, සුපිරි වෙළෙඳ සැල්, රෝහල් මෙන්ම ප්‍රමුඛ පෙළේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසකට ඉතා ආසන්නයෙන් පිහිටි ජීවිතයේ නව මානයන් රැසකට ඉඩ විවෘත වන ලෙස හයිලෙවල් පාරට මීටර් 200ක දුරින් පිහිටා ඇත. නිවාස දහයකින් සපිරි Lily Residencies නිවාස මනා ඉඩපහසුකම්වලින් සහ නවීන පන්නයේ උසස් නිමාවකින් යුක්තව ඉදිකිරීමට කටයුතු කර ඇත. ආලින්දය, මුළුතැන්ගෙය සහ ප්‍රධාන නිදන කාමරයද සහිතව සෑම නිවසක්ම නිදන කාමර තුනකින් සමන්විත අතර සෑම කාමරයකටම බැල්කනියක් ඇත.

එසේම සේවක සේවිකාවන් වෙනුවෙන් වෙනම කාමරයක් සහ නාන කාමරයක්ද අන්තර්ගත කර ඇත. වර්ග

අඩි 1320, 1440, 1540 යන මාදිලි තුනකින් නිමවීමට අපේක්ෂිත නිවාස අනෙක් තරගකාරි නිවාසවලට වඩා

ප්‍රමාණයෙන් විශාල වන අතර මිල රු. මිලියන 26.5 සිට ඉහළට වේ.

මහල් පහකින් යුත් මෙම නිවාස සංකීර්ණයේ ඉහළම මහලේ (Rooftop) කායවර්ධන සහ යෝග මධ්‍යස්ථානයක් ඇති අතර එය නිදහසේ කාලය ගත කිරීමට (BBQ & Recreation ) භාවිත කළ හැකි ලෙස අංග සම්පූර්ණ සහ සුවපහසු ලෙස නිමවා ඇත. CCTV කැමරා, පැය 24 පුරා ආරක්ෂාව, සෑම නිවසකට වෙන් වූ භූගත ගෑස් ගබඩා ඒකකයක්, විදුලි සෝපාන, විදුලි ජනන පද්ධතිය, අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය, යහපත් අසල්වැසියන් ඇතුළු තවත් බොහෝ පහසුකම් සමග නවීන ජීවිතයක් ගත කිරීමට කැමැති සැමට මෙය සුවිශේෂ අවස්ථාවකි.

2019 අගෝස්තු මාසය වන විට අංග සම්පූර්ණ ලෙස නිමවන Lily Residencies නිවාස සිහිනය

(0778414007/0117033900) සෑබෑ කර ගැනීමට මූල්‍ය ආයතන රැසක් සහයෝගය දීමට සුදානම් අතර මුළු මුදල එක වර ගෙවන පිරිසට අගනා වට්ටමක් හිමි වේ.

නව අදහස දක්වන්න