අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක මිල තවත් පහළට | දිනමිණ

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක මිල තවත් පහළට

සුභාෂිණී සේනානායක

පෙබරවාරි 4වැනි දාට යෙදෙන හැත්තෑවැනි (70) ජාතික නිදහස් දිනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතක (7) මිලගණන් වහාම අඩුකිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මිල ගණන් අඩු කළ භාණ්ඩ සතොස ශාඛා ජාලාවලින් ලබා ගත හැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මේ අනුව බාස්මතී සහල් කිලෝව රුපියල් එකසීය විස්සක මිලකටත්, සුදුකැකුළු සහල් කිලෝවක් රුපියල් හැටක මිලකටත් , කැඩුනු සහල් කිලෝවක් රුපියල් පනස් නවයක ටත්, පරිප්පු කිලෝවක් එකසීය පනස් නවයකටත්, මුං ඇට කිලෝවක් රුපියල් එකසීය අනූපහකටත් ලොකු ලූණු කිලොවක් රුපියල් එකසීය දහයකටත්, මිරිස් කරල් කිලෝව රුපියල් දෙසීය විස්සකටත් ලංකා සතොස ශාඛාවලින් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාවට ලබා දී ඇතැයි ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.

මෙම මිලගණන් අඩුකිරීම එළඹෙන පෙබරවාරි මස හත් වැනි දා දක්වා ක්‍රියාත්මක වන අතර ලංකා සතොස මෙගා අලෙවිසල් ඇතුළු ලංකා සතොස අලෙවිසල් හාරසීය මගින් ලබා ගත හැකි බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් කීය. 

නව අදහස දක්වන්න