හොංකොං ඉදිකිරීම් බිමක යුද කාලේ හෙළූ තවත් බෝම්බයක් | දිනමිණ

හොංකොං ඉදිකිරීම් බිමක යුද කාලේ හෙළූ තවත් බෝම්බයක්

හොංකොං හි විශාල ඉදිකිරීම් පරිශ්‍රයක තිබී හමු වූ දෙවැනි ලෝක යුද සමයට අයත් රාත්තල් 450 ක් බරැති භයානක බෝම්බය සාර්ථකව නිෂ්ක්‍රිය කිරීමෙන් පසු තවත් එවැනිම බෝම්බයක් හමු වී තිබේ. ඊට නුදුරින්ම හමු වූ මෙම බෝම්බයේ බර රාත්තල් 1000 කට වැඩි අතර දිගින් අඩි පහක් පමණ වේ.

බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට පෙර වැන් චායි අවට නවාතැන් පොළ හා හෝටල් වල සිටි 1500 ක පමණ පිරිසක් ඉවත් කර ඇති අතර මහා මාර්ග ද වසා දැමීමට පොලිසිය කටයුතු කළේය.

මෙම බෝම්බ දෙකම ඇමරිකාවේ නිෂ්පාදිත ඒවා වන අතර 1941 - 1945 අතර කාලයේ හෙළන ලද බෝම්බ ලෙස මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව හොංකොං පොලිසිය පවසයි. 

නව අදහස දක්වන්න