කැමරා කණ්ඩායමක් සමඟ ගොස් තානාපතිට විරෝධය පෙන්වන්න | දිනමිණ

කැමරා කණ්ඩායමක් සමඟ ගොස් තානාපතිට විරෝධය පෙන්වන්න

ශිරෝමි අබයසිංහ

මහින්දට නාමල්ට අගමැති අභියෝග කරයි

හම්බන්තොට වරාය වර්තමාන රජය චීනයට විකුණුවා යැයි කියන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මහත්වරුන් රූපවාහිනී කැමරා කණ්ඩායමක් සමග චීන තානාපති හමු වී ඒ ගැන විරෝධය පළ කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග කරයි.

හම්බන්තොට වරාය හැදීමට ඩොලර් මිලියන 1300ක් චින බැංකුවකින් ගැනීමට එදා මහින්ද රාජපක්ෂ රෙජිමය භයානක ගිවිසුමකට එළැඹි බව කී අගමැති වික්‍රමසිංහ මහතා වර්තමාන රජය එම ගිවිසුමෙන් රට ගලවා ගෙන හම්බන්තොට වරාය චීන මර්චන්ට් සමාගමට 99 අවුරුදු බදු දුන් බවට ඔවුන් දෙපළ විශ්වාස නොකරන බව කී අගමැතිවරයා ඔවුන් චීන තානාපතිවරයා හමු වී විරෝධය පළ කළහොත් රාජපක්ෂලාට ජන්දය දෙන ලෙස තමා ජනතාවට කියන බවද ඔවුන් එසේ නොකිව්වොත් ජනතාව එක්සත් ජාතික පක්ෂයට ජන්දය දිය යුතු බවද පැවසිය.

රූපවාහිනිය මගින් එම අවස්ථාවේ සජිවි පටිගත කිරීම ප්‍රචාරය කළ විට ජන්දය දිය යුත්තේ කාහට දැයි ජනතාව තීරණය කරාවි යැයිද අගමැති වික්‍රමසිංහ මහතා කිය.

ඒ අභියෝගය භාර ගැනීමට සුදානම් දැයි අගමැති වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය.

චීන තානාපති හමුවීමට හම්බන්තොට ප්‍ර දේශයේ ඇමැතිවරයකු වන සජිත් ප්‍රේමදාස මහතා සමග ඔවුන් යා යුතු බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

හම්බන්තොට වරාය හැදීමට ඩොලර් මිලියන 1300 ක් චීන බැංකුවකින් ගෙන ඇති ණය ගෙවීමට ලංකාණ්ඩුවට බැරි වුවහොත් ලංකාවේ හෝ විදේශයන්හි තිබෙන චංචල නිශ්චල දේපළ ඕනෑ දෙයක් ලන්ඩන් නුවර උසාවියකින් නියෝගයක් ගෙන විකිණීමට හැකි බවද එවැනි නියෝගයක් දුනහොත් එම නියෝගයට එරෙහිව අභියාචනක් ඉදිරිපත් කිරිමට නොහැකි බව ණය ගැනිමේදී එළැඹි ගිවිසුමේ ඇති බවද වික්‍රමසිංහ මහතා කිය. එසේ ණය ගත් මහින්ද රාජපක්ෂ අද චිනුන්ට රට විකුණනවා කියා පවසන බවද අගමැතිවරයා කිය.

එම භයානක ගිවිසුම පෙන්විය හැකි බව කී අගමැතිවරයා එම ගිවිසුමට අත්සන් කර ඇත්තේ රාජපක්ෂ පාලනයේ බලධාරින් බවද කීය.

ඉදිරියේදි හම්බන්තොට විශාල දියුණුවක් ඇති වන බවද හවුල් ව්‍යාපාරය ඊළඟ වසර දෙකේදි තවත් ඩොලර් බිලියන 600 ක් වරාය දියුණු කිරීම ට යොදවන බවද කී අගමැති වික්‍රමසිංහ මහතා අවුරුදු දහයකින් මෙහි දෙවැනි අදියරට යන බවද මේවායේ වාසිය හම්බන්තොටට බවද කිය.

අගමැති වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ අම්බලන්තොට ප්‍රෙද්ශයේ පෙරේදා (02) පැවති එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට එක් වෙමිනි. 

අදහස් 2ක් ඇත

Since it is the ideal time, along with this, why not you take measures to publish in all news papers an extract of the said detrimental clause of the pertaining agreement?

නව අදහස දක්වන්න