අසරණ පවුලට අපිත් පිහිට වෙමු | දිනමිණ

අසරණ පවුලට අපිත් පිහිට වෙමු

බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ ඇල්පිටිය කුඩාගල ගුරුකන්ද ප්‍රදේශයේ අතිදුෂ්කර කඳු පෙදෙසක ඇල්පිටිය කුඩාගල ගුරුකන්ද ප්‍රදේශයේ ජීවත් වූ කේ. එච්. සීමන් මහතා හදිසියේ මිය ගියේ මීට වසර හත අටකට උඩදීය. ඔහුගේ අභාවය නිසාම මෙම දරු පවුල මේ වනවිට අසරණ වී ඇත. කඩාවැටෙන්න ඔන්න මෙන්න ඉතාම අබලන් වූ පැල්පතක පාසල යන දරුවන් තිදෙනකු සමඟ ජීවත්වන 79 හැවිරිදි ටී. එම් ගුණවතී මහත්මිය පුතුන් තිදෙනකුගේ හා දියණියන් 4 දෙනෙකුගේ මවකි.

සැමියා අහිමි වූ 40 හැවිරිදි සිව්දරු මවක්ද මේ පැල්කොටසේ ජීවත් වෙති. මොවුන්ට ස්ථිර රැකියාවක් හෝ නිසි ආදායම් මාර්ගයක් නොමැත. එදිනෙදා කුලියක් කර ගනිමින් මවත් බලාගනිමින් දරුවන් තිදෙනකු පාසල් යැවීමත් මේ කාන්තාව කරගෙන යන්නේ ඉතාම අමාරුවෙනි. ඇල්පිටිය කුරුදුගහහැතැප්ම ශාන්ත මරියා මහ විද්‍යාලයේ 7, 8 සහ 11 ශ්‍රේණිවල මේ දරුවන් ඉගෙනුම ලබති. එදිනෙදා උපයාගන්නා සොච්චම් මුදලින් යංතම් දිවිගැට ගසාගන්න මෙම අසරණ පවුලට ගෙයක් දොරක් නැතත් එදිනෙදා දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු කර ගැනීමට හැකියාවක් නැතිව ජීවත්වෙති.

මොවුන් ජීවත්වන නිවසේ කටුමැටි ගැලවී තැන් තැන්වල මහ කපොලුවලින් සතුන් සර්පයින් පවා ඇතුළුවන තරමටම ඉතාම භයානකය. පසුගිය දිනවල ඇති වූ මහ සුළි සුළගින් මේ දරු පවුලට උන්හිටි තැන් අහිමි වන තරමට පත්වී ඇත. මෙසේ අනේක විද දුක් කටොලුවලට මුහුණ දී ඇති මෙම පවුලට උපකාරයක් කිරීමෙන් ඔබටත් හැකිනම් එය මහඟු පින්කමකි. මේ පිළිබඳ තොරතුරු 0779401708 යන දුරකතන අංකයෙන් ලබාගත හැකිවන අතර බැංකු ගිණුම් අංකය 107020137861 හැඩන් නැෂනල් බැංකුව, ඇල්පිටිය ශාඛාව.

 

සටහන හා ඡායාරූප
ඇල්පිටිය විශේෂ
ඩී. ජේ. විජේසිංහ 


නව අදහස දක්වන්න