මාස 13ක දැරිය ගෙයක් ළඟ දමා ගිහින් | දිනමිණ

මාස 13ක දැරිය ගෙයක් ළඟ දමා ගිහින්

මාස දහතුනක් වයසැති දැරියක පසුගිය දිනක රාත්‍රි කාල‍යේ කටුවන වීරක්කුට්ටිගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දමාගොස් සිටිය දී කටුවන පොලීසිය මගින් සොයාගෙන ඇත. එදින අලුයම දෙකට පමණ දැරිය සොයාගෙන ඇත. පොලීසිය පැවසුවේ දැරියගේ ශරීරයේ තැනින් තැන තුවාල හා පහරදීම් කැළැල් දක්නට ඇති බවයි.

කටුවන පොලීස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනුර සුසන්ත මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් වැඩිදුර පරික්ෂණ පවත්වති.

මැදමුලන සමූහ එච්. ඒ. පී. සමරවික්‍රම 


නව අදහස දක්වන්න