බලපත්‍ර රහිත දැව ප්‍රවාහනය ලොරි 2ක් මාදම්පේ දී කොටු | දිනමිණ

බලපත්‍ර රහිත දැව ප්‍රවාහනය ලොරි 2ක් මාදම්පේ දී කොටු

බලපත්‍ර නොමැතිව නීති විරෝධි ලෙස දැව ප්‍රවාහනය කරමින් තිබූ හොර දැව ලොරි 2ක් මාදම්පේ පොලිසියේ නිලධාරීන් විසින් එම දැව ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් දා මාදම්පේ පැරණි නගරයේ දී සහ මාදම්පේ ඉරට්ටකුලමේ දී මෙම දැව ලොරි 2ත් සමඟ සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර මෙසේ අත්අඩංගුවට ගැනිමට හැකි වී ඇති දැවවල වටිනාකම රුපියල් ලක්ෂ 03 කට වැඩි බව පොලිසිය පවසයි.

මාදම්පේ පොලිස් ස්ථානාධිපති ,පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ මෙහෙය වීම යටතේ උ. පො. ප. ජයවර්ධන මහතා ප්‍රමුඛ පො. සැ.රෙජිනෝල්ඩ්, පො. කො. බන්ඩාර යන නිලධාරීන් හොර දැව තොගත් සමඟ සැක කරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර එම හොර දැව ලොරි දෙකත් සමඟ සැකකරුවන්

මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි.

 

සටහන සහ ඡායාරූපය
පුත්තලම සමුහ
ඩබ්ලිව්. සි. බී. ප්‍රනාන්දු 


නව අදහස දක්වන්න