මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිගේ ශ්‍රී දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව | දිනමිණ

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිගේ ශ්‍රී දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

මෑත යුගයේ ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ටතම සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී අපවත් වී වදාළ ‍මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වූයේය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති ේවිල රජමහා විහාරස්ථානය වෙත ඊයේ (04) දහවල් ගිය ජනාධිපතිවරයා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර විහාරස්ථ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙතත්, විහාරස්ථ දායක සභාව වෙත මෙන්ම උන්වහන්සේගේ අපවත්වීමෙන් සංවේගයට පත් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙත සිය සාතිශය ‍සංවේගය පළ කළේය.

නව අදහස දක්වන්න