අගමැති පර්පෙචුවල් ගිණුම් අත්හිටුවූයේ වසරකටත් කලින් | දිනමිණ

අගමැති පර්පෙචුවල් ගිණුම් අත්හිටුවූයේ වසරකටත් කලින්

ශ්‍රී ලංකා මහා බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත අත්හිටුවා වසරකට අධික කාලයක් ගත වුවද සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීම සඳහා වසරකට අධික කාලයක් තිස්සේ අදාළ බලධාරීන් කිසිදු පියවරක් නොගත් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට හැකි පසුබිම සකස් කර තිබුණද වසරකට වැඩි කාලයක් ඔහු අත්අඩංගුවට නොගෙන සිට මේ අවස්ථාවේදී ඒ පියවර ගත්තේ පළාත් පාලන මැතිවරණය අරමුණු කරගෙන දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කරයි. 

නව අදහස දක්වන්න