බෙල්ලන්විල විමලරතන නාහිමි ආදාහන පූජෝත්සවය 8 දා | දිනමිණ

බෙල්ලන්විල විමලරතන නාහිමි ආදාහන පූජෝත්සවය 8 දා

ශාසනික, ආගමික හා අධ්‍යාපනික වශයෙන් සුවිසල් මෙහෙවරක නිරත වූ කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් වහන්සේ පෙරේදා (03) කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූහ.

බෙල්ලන්විල විහාරස්ථානයේදී හදිසි අනතුරකට ලක් වීමෙන් අනතුරව කළුබෝවිල ශීක්ෂණ හෝහලට ඇතුළත් කළ උන්හහන්සේට හදිසි ශල්‍ය කර්මයක් සිදු කිරිමට පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර සැත්කමක් සිදු කිරිමන් පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී හාදයාබාධයකට ලක්ව උන්වහන්සේ අපවත් වූහ.

උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 08 වනදා පස්වරු තුනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වීමට ආදාහන කමිටුව තීරණය කර ඇත.

නාහිමි ආදාහන පූජෝත්සවය පිළිබඳව ඊයේ (03)කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පැවති ආදාහන කමිටු සාකච්ඡාවේදී ඒ බව බව තීරණය කෙරිණි.

ආදාහන කමිටුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර එම අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු නියෝජ්‍ය කාතානයක තිලංග සුමතිපාල, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඇතුළු ඇමැතිවරු ද ගාමිණී ලොකුගේ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ද බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඇතුළු පළාත් සභා නියෝජිතයෝ ද, දිසාපතිවරුන් විද්වතුන් ඇතුලු විහාරස්ථ දායක සභාව නියෝජනය කරමින් විශාල පිරිසක් ද එක් වූහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය හොබවමින් සිටි උන්වහන්සේ අධ්‍යාපනික වශයෙන් ද සුවිසල් මෙහෙවරක නිරත වූ හිමිනමක් වන අතර බෞද්ධ දර්ශනයෙන් සාමය හා සංහිඳියාව ගොඩනැගීම සඳහා නිරන්තරයෙන් කැප වූ උන්වහන්සේ ශාසනික වශයෙන් ද විශාල මෙහෙයක නිරත වූහ.

නාහිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුව ආදාහන පූජෝත්සවය සම්බන්ධයෙන් කෝට්ටේ කල්‍යණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් ඇතුළු මහා සංඝ සභාව විසින්ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.

බෙල්ලන්විල නාහිමියන් ගේ ශ්‍රී දේහය ඊයේ (04) අලුයම 1.00ට පමණ විහාරස්ථානයට වැඩම කරවූ අතර මහනාහිමියන්ගේ අපවත්වීම සැලවීමත් සමග දිවයිනේ නන්දෙසින් පැමිණෙන මහා සංඝරත්නය මෙන්ම මැති ඇමැතිවරුන්ගෙන් ‍කලාකරුවන්ගෙන් විද්වතුන්ගෙන් මෙන්ම ජනතාවගෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානය ඊයේ පිරි ඉතිරි ගොස් තිබිණ.

සුභාෂිණී සේනානායක,
බොරලැස්ගමුව සමූහ සහ කැස්බෑව සමූහ 

නව අදහස දක්වන්න