පිටකොටුවේ වෙළඳසැලක ගින්න මැඩ පැවැත්වේ | දිනමිණ

පිටකොටුවේ වෙළඳසැලක ගින්න මැඩ පැවැත්වේ

අද අලුයම කොළඹ පිටකොටුවේ පිහිටි බතික් රෙදි වෙළඳසැලක ඇතිවූ ගින්න මේ වන විට මැඩපැවත්වා තිබේ.

119 තොරතුරු මධ්‍යස්ථානයට ලද පණිවුඩයක් අනුවයි අද අලුයම 12.45ට පමණ සිදු වූ  මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත්තේ.

ගින්න හේතුවෙන් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති අතර සිදු වූ අලාභය පිලිබඳ මෙතෙක් තක්සේරු කර නැහැ.

ගින්න ඇතිවීමට ද හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර කොටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


නව අදහස දක්වන්න