ඇලෝෂියස් හා පලිසේන 16 තෙක් රිමාන්ඩ්- UPDATE | දිනමිණ

ඇලෝෂියස් හා පලිසේන 16 තෙක් රිමාන්ඩ්- UPDATE

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඊයේ (04) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අද (05) දිනය දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණි.

පසුව අද(05) දිනයේ නැවතත් ඔවුන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 16 දින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර ඇත.

ඇලෝෂියස් - පලිසේන යළි අධිකරණයට - UPDATE

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද දිනයේ නැවතත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
 
ඊයේ දිනයේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කල අතර සැකකරුවන් අද දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කෙරිණ.

නව අදහස දක්වන්න