මාලේ රජයෙන් ආරක්ෂක අංශ වෙත නියෝගයක් | දිනමිණ

මාලේ රජයෙන් ආරක්ෂක අංශ වෙත නියෝගයක්

මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළහොත් ඊට එරෙහි වන ලෙස එරට රජය ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.

සිරගතකර සිටින විපක්ෂ දේශපාලනඥයින් නිදහස් කිරීමට ලබාදුන් අධිකරණ නියෝගය වත්මන් ජනාධිපතිවරයා නොසළකා හැරීමත් සමග ඔහුට එරෙහිව අධිකරණය දෝශාභියෝගයක් ගෙන ඒමට සූදානම් වන අවස්ථාවක මෙම නියෝගය ලබා දී ඇත.

හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට එරෙහි නඩු විභාගය ව්‍යවස්ථා විරෝධී බවත්, බන්ධනාගාරයේ සිටින විපක්ෂ මන්ත්‍රීවරුන් නව දෙනා නිදහස් කරන ලෙසත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

එහෙත් එම නියෝගයට එරෙහි වූ ආරක්ෂක අංශ මාලදිවයිනේ පාර්ලි‍මේන්තුව වටලා විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම නීති විරෝධී බැවින් ඊට එරෙහි වන ලෙස එරට නීතිපති මොහොමඩ් අනිල් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත‍.

නව අදහස දක්වන්න