භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ඉංග්‍රීසි වැඩමුළුවක් | දිනමිණ

භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ඉංග්‍රීසි වැඩමුළුවක්

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ නවක භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පැවති දින පහක ඉංග්‍රීසි වැඩමුළුවක් පසුගියදා එම විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණි.

බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ඉංග්‍රීසි භාෂාවෙන් ධර්මය දේශනා කිරීමට අවශ්‍ය භාෂා දැනුම ලබා දී බුදු දහම ලොව වෙත ගෙන යාමට උන්වහන්සේලාට මඟ පෙන්වීමේ අරමුණින් අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන හිමියන්ගේ අධීක්ෂණයෙන් කථිකාචාර්ය මැඩියාවේ පියරතන හිමියන්ගේ සම්බන්ධීකරණයෙන් මෙය සංවිධානය කරන ලදි.

ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ නියොජ්‍ය මහ ලේකම් හා ප්‍රවීණ අධ්‍යාපනඥ ආචාර්ය දමින්ද පොරගේ මහතාගේ උපදේශකත්වයෙන් පැවති මෙම වැඩමුළුවට සම්පත් දායකයෝ රැසක් සහභාගී වූහ.

නව අදහස දක්වන්න