කළුතර මංගල්‍යයේ වීදි පෙරහර | දිනමිණ

කළුතර මංගල්‍යයේ වීදි පෙරහර

කළුතර කලමුල්ල පාතිමා සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය පසුගියදා පැවැත්විණි.

එහිදී පලාතොට දෙව්සත්හලේ සහය අදියුරු ජූඩ් අසිත හෙට්ටිආරච්චි සහ කලමුල්ල මීසම් සහයක ක්‍රිෂාන්ත ඩිලාන් යන පියතුමන්ලා එම සන්ධ්‍යා මෙහෙය පැවැත්විය. බැතිමතුන් ෆාතිමා දේව මාතාවන්ගේ ප්‍රතිමාව රැගෙන වීදි සංචාරය කළ අයුරු.

ඡායාරූපය
කළුතර මධ්‍යම සමූහ

 

වට්ටක්කලිය දෙව් මැදුරේ මංගල්‍යය දා

ශ්‍රී ලංකාවේ පළමු සාන්තුවරයාණන් ලෙසින් නම් කරන ලද සාන්ත ජෝශප් වාස් තුමා නමින් කැප කර ඇති දැදුරු ඔය මීසමට අයත් වට්ටක්කලිය දෙව් මැදුරේ 23 වන වාර්ෂික මහා මංගල්‍යය හලාවත පදිවි රදගුරු අති උතුම් දෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම මංගල්‍යය වෙනුවෙන් සංවිධානය කර තිබූ පෙරහර සාන්ත ජෝශප් වාස් මුනි ප්‍රතිමාව රැගෙන විථි සංචාරය කරනු ලැබූ අයුරු.

මුන්නේශ්වරම සමූහ

 

“උපත” සඟරාව දොරට වැඩිය දා

උපත වාර්ෂික නත්තල් සඟරාවේ අටවන කලාපය ජ්‍යෙෂ්ඨ කිතුනු මාධ්‍යවේදී ලිච්වින් කිරිඅල්දෙණිය මහතාට උප සංස්කාරකවරුන් වන ප්‍රියන්ත පීටර්ස් සහ වික්ටර් දෙනිපිටිආරච්චි යන මහත්වරුන් විසින් පිළිගැන්වූ අයුරු.

ජේ. කේ. මයිකල් පෙරේරා
මරිය හමුදා කොමිට්සියමේ

 

පළමු රැස්වීම කොළඹදී

කොළඹ අගරදගුරු පදවි මරිය හමුදා කොමිට්සියම් සභාවේ 2018 වර්ෂයේ මුල්ම රැස්වීම පසුගියදා කොළඹ කොටුව 6වැනි පාවුළු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙහිදී මරිය හමුදා ආත්මික අදියුරු රොනී පෙරේරා පියතුමා සිය සාමාජිකයන් වෙනුවෙන් දේව මෙහෙය පවත්වමින්.

 

‘උඳුවප් මිහිරෙන්’ කයිට්ස් දූපතට නත්තල් තෑගි

උඳවප් මිහිර නත්තල් සඟරාව නිකුත් වීමට සමගාමීව එම සඟරාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෝ වසරකට වරක් තෝරාගත් ප්‍රදේශයක ජනතාවකට සද්කාර්යයක් කිරීමේ කටයුත්තක ‍යෙදෙති. ඒ අනුව මෙවර ඔවුන් තෝරා ගෙන තිබුණේ යාපනයේ කයිට්ස් දූපතය. පැවැති යුද්ධය නිසා තවමත් මහත් අසරණභාවයට පත්ව සිටින ‍මේ දූපතේ පිහිටි නාරන්තනේ ගම් වැසියන්ට හා දරුවන්ට මෙවර නත්තල් තෑගි ‍බෙදා දෙනු ලැබිණි.

යුද්ධය නිසා විවිධ ‍ලෙස ඔත්පල වූ හා තවමත් ආර්ථික වශයෙන් ගොඩනැඟීමක් නැති මේ දරුවෝ සහ වැඩිහිටියෝ තමන්ට ලැබුණු තෑගි නිසා මහත් සතුටට පත්වූහ. නාරන්තනේ දෙව්මැදුරේ මීසම් පාලක ආනන්ත කුමාර් පියතුමා හා ජීවන්ත පීරිස් පියතුමා මේ ගම්වැසියන්ගේ දියුණුව පිණිස බොහො සේ වෙහෙස වී සේවය කරති.

උඳවප් මිහිර සඟරාවේ කාර්ය මණ්ඩලය සංවිධාන කළ මේ කටයුත්තට මහත් දායකත්වයක් ලබා දුන්නේ ආචාර්ය ජයලත් බලගල්ල පියතුමාය.

 

මැක්සිමස් රෝයි පෙරේරා 

නව අදහස දක්වන්න