සම පැහැපත් කරන ස්වභාවික ආහාර | දිනමිණ

සම පැහැපත් කරන ස්වභාවික ආහාර

පැපොල්

පැපොල්වල විටමින් A, බීටා කැරොටීන් වගේම, ‘පැපේන්’ නම් එන්සයිමය අඩංගු වේ. එම එන්සයිමය ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරකයක් නිසා, සමේ මැරුණු සෛල ඉවත් කරන අතරම, නැවත අලුත් සෛල ඇතිවීම වේගවත් කරයි. මේ අනුව පැපොල් ආහාරයට ගැනීමෙන් සමේ තරුණ බව හා දීප්තිමත් බව වැඩි කර ගැනීමට හැකි වේ.

අලිගැටපේර

අලිගැටපේරවල අඩංගු විටමින් B 7මඟින් සමේ සෛල නැවත වර්ධනය වීම වේගවත් කරන අතරම, විටමින් E සම ස්වභාවිකව ආරක්ෂා කරයි. මෙහි අඩංගු මේද අම්ල මඟින් සමේ වියළි බව නැති කරයි.

කෙසෙල්

කෙසෙල්වල පොටෑසියම් බොහෝ ප්‍රමාණයක් අඩංගු නිසා, සමේ තෙතමනය ආරක්ෂා කර , සමේ වියළි බව නැති කරයි. මෙහි සමට යෝග්‍ය වන විටමින් A,B සහ E වැනි පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් අඩංගු වේ. එම නිසා, සම රැලි වැටීම, සුදුමැලි වීම ආදිය වළකයි.

ස්ට්‍රෝබෙරි

මෙහි අඩංගු සැලිසිලික් ඇසිඩ් සමේ සිදුරු තුළට ගමන් කර, සුදු සහ කළු තිත් ඉවත් කර, සම හොඳින් පිරිසුදු කරයි. එමඟින් කුරුලෑ ඇති වීම වළකයි. ස්ට්‍රොබෙරිවල ඇති එලැජික් ඇසිඩ් ඉතා හොඳ ප්‍රතිඔක්සිකාරකයක් නිසා, සමේ කොලජන් ඉවත් කරන අතර, හිරු කිරණින් ද සම ආරක්ෂා කරයි.

ආමන්ඩ් -

ආමන්ඩ් විටමින් E ලබා දෙන හොඳ ම ආහාරයකි. හිරු කිරණින් වන හානිවලින් සම ආරක්ෂා කරයි.

ලෙමන්

සමේ පැහැය සුදු කරන අතරම, කුරුලෑ, ලප කැළැල් ඉවත් කිරීමට සමත් ය. එමෙන් ම, සමේ ඇති සිදුරු තුළට ගමන් කර, ඇතුළතින් පිරිසුදු කරයි.

කැරට්

- කැරට්වල බීටා කැරොටීන් බහුලව අඩංගු වේ. එමඟින් සමේ පටක අලුත්වැඩියා කරන අතරම, අනවශ්‍ය හිරු කිරණින් සම ආරක්ෂා කරයි. මීට අමතවර වට්ටක්කා ඇට, කිවි, ඇපල් වැනි ආහාරද සම පැහැපත් කරන තවත් ආහාර කිහිපයකි.

අන්තර්ජාලය ඇසුරිනි
යශෝදා ඉන්දීවරී ‍

නව අදහස දක්වන්න