බෙල්ලන්විල නා හිමි දේහයට ජනපති-අගමැති බුහුමන් දක්වති | දිනමිණ

බෙල්ලන්විල නා හිමි දේහයට ජනපති-අගමැති බුහුමන් දක්වති

සුභාෂීණී සේනානායක

අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා විහාල ජනතාවක් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට ඇදී එති.

නාහිමි දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන පිරිස සුදවතින් පමණක් සැරසී පැමිණෙන්නැයි විහාරස්ථ දායක සභාව ඉල්ලා සිටි.

පෙරේදා (04) ජනාධිපති මෛත්‍රිපාලි සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මයි ඇතුලු මැති ඇමැතිවරුන් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ ඇති අතර ඊයේ (05) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දි.මූ ජයරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වී ඇත.

දේහය විහරස්ථානයට ගෙන එන ලද අවස්ථාවේ ඉකුත් 04 වනදා පාන්දර 1.30ට පමණත් විශාල පිරිසක් විහාරස්ථානට පැමිණ නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටි බව බෙල්ලන්විල විහාරස්ථ දායක සභාව පවසයි. මහචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ දේහයට අවසන් ‍ගෞරව දැක්වීමට මහ නාහිමිවරුන් ඇතුලු නන්දෙසින් පැමිණෙන මහා සංඝරත්නය, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය ඇතුලු විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, සිසුන් මෙන්ම විද්වතුන් , කලා කරුවන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

නාහිමි දේහයට ගෞරව දැක්වීමට පැමිණි පිරිස කිලෝමීටර් දෙකහමාරක් තුනක් පමණ දිගු පෝලිම් වල සිට අවසන් ගෞරව දැක්වීමට රැදි සිටිනු දක්නට ලැබිණ. මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සවස 3.00ට රාජ්‍ය ‍අනුග්‍රහය ඇතිව සිදු කිරිමට නියමිතය.

 

අදහස් 1ක් ඇත

miyan marayatha me theya kale, sathun pilibada anawa bodaya ek hethuwa!

නව අදහස දක්වන්න