ජාලිය වික‍්‍රමසූරියගේ පෙත්සමකට විරෝධතා ගොනු කෙරේ | දිනමිණ

ජාලිය වික‍්‍රමසූරියගේ පෙත්සමකට විරෝධතා ගොනු කෙරේ

අමෙරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය විසින් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා අද මූලික විරෝධතා ඉදිරිපත් කලේය.

තානාපතිවරයකු වශයෙන් තමන්ට හිමි වරප‍්‍රසාද අහෝසි කරන ලෙස ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය, අමෙරිකානු බලධාරීන් වෙත නිකුත් කර ඇති ලිපියක් නීති විරෝධී බවට තීන්දු කර එය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ජාලිය වික‍්‍රමසූරිය මෙම පෙත්සමෙන් ඉල්ලා ඇතැයි සදහන්.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනිසිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනා අධිකරණයට බලයක් නොමැති බවයි.

කෙසේ වෙතත්, පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම පෙබරවාරි මස 19 ට කල් තැබුණි.


නව අදහස දක්වන්න