මියන්මාරයේ මිනී වළ කැනීමේ සූදානමක් | දිනමිණ

මියන්මාරයේ මිනී වළ කැනීමේ සූදානමක්

 රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ගේ බව කියන සිය ගණනක් මළසිරුරු සහිත සමූහ මිනීවළක් සොයාගනු ලැබීම සම්බන්ධයෙන් ලැබෙන වාර්තා මියන්මාරයෙහි ජන සංහාරයක් සිදු කෙරුණ බව තහවුරු කෙරෙන ලකුණක් යයි එක්සත් ජාතීන්ගේජ්‍යෙෂ්ඨ නියෝජිතවරියක් පවසයි.

විදෙස් මාධ්‍ය මගින් හෙළිදරව් කරනු ලැබ ඇති සමූහ මිනීවල පිළිබඳ විමර්ෂණයක් කළ යුතුව ඇතැයි මියන්මාරය භාර එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය වන යැන්ග්හී ලී ප්‍රකාශ කරයි. අවුන් සාං සුචි විසින් නායකත්වය දෙනු ලබන සිවිල් ආණ්ඩුව තුළ කලින් පැවති යුද හමුදා පාලනය යටතේ සිදු කෙරුණ මර්දනකාරී භාවිතය දිගටම සිදු කෙරෙමින් ඇති බවට එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය අනතුරු ඇඟවීමක් ද කරයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ නියෝජිත යැන්ග්හී ලීට රකයින් පළාතට ඇතුල් වීමට අවසර දෙනු ලැබීම මියන්මාර් පාලනය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. රෝහින්ග්‍යා ජනයාට පමණක් නොව වෙනත් ජන වාර්ගික කොටස් වලටත් මියන්මාර් හමුදාව හිරිහැර කරන බවට ඇය චෝදනා කරයි.

එක්සත් ජාතීන්ගේ නියෝජිත යැන්ග්හී ලී එම අදහස් පළ කරන ලද්දේ බංග්ලාදේශයේ සහ තායිලන්තයේ අනාථ කඳවුරුවල සංචාරය කරනු ලබීම්න් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදීය. 

 

නව අදහස දක්වන්න