වසර 40ක් රෑමතියන් රැවටූ වියපත් කාමාතුරයා | දිනමිණ

වසර 40ක් රෑමතියන් රැවටූ වියපත් කාමාතුරයා

වියපත් කාමාතුරයා මුළුමහත් රුසියාවටම අභියෝග එල්ල කරමින් පුරා වසර හතළිහකටත් අධික කාලයක් තිස්සේ රූමත් තරුණියන් හා කතුන් සිය ගණනක් තම කාම පිපාසාව සංසිඳුවා ගැනීම වෙනුවෙන් බලෙන් ගොදුරු කරගත් කාම අපරාධකරුවකු ගේ තතු පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි.

මුළු මහත් රුසියාවම ඉමහත් භිතියකට ලක්කළ ඔහු අපරාධ ඉතිහාසයේ සුපිරි නමක් තබා ඇති අයෙකු ලෙසට ද ප්‍රකටය. එහෙත් අරුමය වන්නේ ඔහු තරුණයකු හෝ ජව සම්පන්නයකු නොවීමය. සැබැවින්ම ඔහු වියපත්ය. එහෙත් තාරුණයේ සිට මහලු විය දක්වාම ඔහුගේ අපරාධ පැටිකිරිය දිවයයි. ඔහු මේ සාහසිකත්වයට පත් වුයේ ඇයි?

සැබැවින්ම මේ අපරාධ පැටිකිරියේ අතිතය කවරාකාර ද? මේ වනවිට ඔහු ගේ නම ලෝකය පුරා සිටින “අපරාධ විද්‍යාඥායන් ගේ සහ අපරාධ විශ්ලේශකයන් ගේ ඉමහත් අවධානයට යොමු වෙමින් පවතින්නේ ඇයි?” රුසියානු මාධ්‍ය ඔහු හඳුන්වා දෙන්නේ රුසියාවේ මෙතුවක් ස්ත්‍රී දුෂණ ගණනාවක්ම සිදුකළ දුෂකයා ලෙසටය.

මුළුමහත් රුසියාව පමණක්ම නොව මුළු මහත් ලෝකයම වියපත් කාමාතුරයා ලෙසට හඳුනාගත් ඔහු වැලෙරි මැකාරෙන්කොව්ය. වයස 69ක් වු මොහු රුසියානු පොලිසිය මේ වන විට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකොට ඇත. පොලිසියට යටත් වූ මේ කාමතුරයා තමන් අතින් සිදු වූ අපරාධ පිළිබඳ පාපොච්චාරණයක් ද කළේය.

“මම විවාහ වුණේ මගේ තරුණ කාලයේ දීමයි. ඒ්ත් මගේ විවාහය ඒතරම් සාර්ථක එකක් නොවෙයි. මං ඒ විවාහයෙන් තෘප්තිමත් වුනේ නැහැ. මං තනියම ජිවත්වෙන්න පටන් ගත්තා. ගොඩාක් වෙලාවට නිදහසේ කාලය ගත කරන්න පුරුදු වුණා. මගේ මුල්ම දඩයම පටන් ගත්තේ මම විවාහ වෙච්ච මුල් කාලේ දී. මම පිට්ටනියක ඇවිදින්න ගියා උදේ 7ට විතර.

එතකොට මං දැක්කා ලස්සන කෙල්ලක් ට්‍රැක් එක දිගේ ඇවිදිනවා. මං එයාගේ පස්සෙන්ම ගියා. ගොඩාක් දුර කවුරුවත් නැති තැනක දී මම එයාව කැලයට ඇදගෙන බෙල්ලට පිහියක් තියලා මට වුවමනා දේ කරගත්තා. මං කිවිවා උඹ මේ රහස එළිකළොත් මරනවා කියලා. එදායින් පස්සේ මට මේ වැඩේ දිගින් දිගටම කරන්න ඕන කියලා හිතුණා. ඊට පස්සේ මම මේ වැඩේ දිගටම කළා.

මට හිතුණා සමහර ගැහැනු ළමයින්ට මගේ උපන්දිනය දා තෑග්ගක් දෙන්න ඕන කියලා. ඒ නිසා මම මගේ උපන් දිනය දවසේ ගොඩාක්ම ලස්සන තරුණ ගැහැනු ළමයකුට බලහත්කාරකම් කළා.” වැලෙරි මැකරෙන්කොට් පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් අතින් “පර වූ මල්” සංඛ්‍යාව 90ක් පමණ වන බවය. එහෙත් මොස්කව් බුද්ධි අංශ ප්‍රකාශ කරන්නේ මේ කාමාතුරයා අතින් කෙළසුන අහිංසක තරුණියන් හා කාන්තාවන් ගේ සංඛ්‍යාව 108ක් බවය.

එහෙත් මොහුගෙන් තමන්ට සිදු වූ විපත වසංකර ගෙන සිටින තරුණියන්, කාන්තාවන් වෙත්තම් ඉදිරිපත් වන්නැයි බුද්ධි අංශ කළ ඉල්ලීමට ද යහපත් ප්‍රතිචාර ලැබී නැත. මීට වසර 43කට පෙර මැකාරෙන් කොව් ආරම්භ කරන ලද මේ පේ‍්‍රම දඩයම සාහසික එකකි. ඔහු තමන් තෝරා ගන්නා ඉලක්කය වෙත යන්නට පෙර ඒ තැනැත්තිය ගැන බොහෝ සෙවුම් බැලුම් වල නිරතවෙයි. ඇගේ රැකියාව, නිවෙසේ අය, වටපිටාව මෙන්ම ඇය නිවෙසින් පිටතට යනෙන වේලාවන් ද ඔහු තමන් ගේ ගැඹුරු නිරීක්ෂණයට හසුකර ගෙන ඇත.

කාන්තාවන් තරුණ ලඳුන් 108ක් තමන්ගේ කාමාශාව වෙනුවෙන් ගොදුරුකර ගෙන පොලිස් ඇසට වැලි ගසා මෙතුවක් කල් මෙම අපරාධකාරි චාර්යාව කරගෙන යාම අරුමයකට කාරණයක් බව සෝවියට් ආරක්ෂක බලධාරිහු ප්‍රකාශ කරති. ඔහු ගේ අපරාධ ගොදුරු අතරින් 49 වන තැනැත්තිය බවට පත් වූ සිල්වියා අවුරුදු 17ක තරුණියකි.

ඇය තමන්ට සිදු වූ විපත්තිය පොලිසිය කළ විපරමකදී කියා පෑවාය. “මම ඇලෙක්සැන්ඩා ගාඩ්න් එකේ ජොගින් කරන කොට මට යාර දහයක් විතර පස්සෙන් කළුපාට ජැකට් එකක් ඇදගෙන කළුපාට තොප්පියක් දාගත්ත කෙනෙක් හිටියා.

මම ග්‍රවුන්ඩ් එකෙන් මගේ ගෙදරට ආවේ බයික් එකේ. මම දැක්කා ඒ කළුපාට ජැකට් එක දාගත්ත මිනිහත් මගේ පස්සෙන් ම එනවා. මම ගණන් ගත්තේ නැහැ. මිනිහා එයාගේ පුෂ් බයික් එකෙන් මාව පහුකරගෙන ගියා. මම ගෙදර ගිහිල්ලා මගේ ගෙදර ප්‍රධාන දොර ඇරලා මගේ කාමරේට ගිහිල්ලා ඇඳුම් මාරු කරලා ඇඳ උඩ දිගා වුණා විතරයි.

කළුපාට ජැකට් එක ඇඳගත්තු ඒ මිනිහා මං ඉස්සරහ දිලිසෙන පිහියක් අතේ තියාගෙන හිටියා.” “මගේ රෝස මලේ මං දවස් ගාණක් ඔයා පස්සේ එලවගෙන ඔයාව බලාගන්න ඔයාව මගේ කරගන්න ආවා. අද මගේ උපන් දිනේ අද මම ආවේ ඔයාට තෑග්ගක් දෙන්න.

එහෙම කියපු ඒ මිනිහා මාව බදාගත්තා.” උඹ දැඟලුවොත් මම උඹේ බෙල්ල මෙතැනම කපලා දානවා කියලා මිනිහා කිව්වා.” “මම ඒ මිනිහට යටත් වුණා. පස්සේ මම පොලිසියට පැමිණිල්ලක් දැම්මා ඒත් මට මිනිහව අඳුරගන්න තිබුණේ කළුපාට ජැකට් එකයි කළු පාට තොප්පියයි විතරයි.” දිගින් දිගටම නොහඳුණන කාමාතුරයකුට සෝවියට් ළඳුන් හා කාන්තාවන් ගොදුරු වීම නිසා බරපතල විවේචනයක් මාධ්‍ය මගින් සෝවියට් පොලිසියට සහ ආරක්ෂ අංශවෙත එල්ල විය.

මැකාරෙන්කොව් ගේ හැඩරුව ගැන ඔහු ගේ ගොදුරු බවට පත් වූ කාන්තාවන්ගෙන් ලත් තොරුතුරු වලට අනුව ඔහුව අල්ලා ගැනීම සඳහා කාන්තාවන් හා තරුණියන් 26,000ක ගෙන් පමණ තොරතුරු ලබා ගැනීමට පොලිසියට සිදුවිය. තරුණියන්, අංගනාවන් උපන්දිනය සමරන විට දී දුෂණය කිරීම, මෙන්ම පා පැදියකින් ගොස් තමන්ගේ අපරාධය සිදුකිරීම මොහු කොටු කර ගැනීමට හේතු වූ කාරණා බවට පත් ව තිබිණි. තමන්ට ගොදුරු වූ තැනැත්තියන් සතුව තිබෙන අරුමෝසම් දැ මෙන්ම ඔවුන්ගේ යටිකය ඇඟලුම් ද තමන් සන්තකයේ තබාගන්නට ද මැකාරොන්කොට් කටයුතු කළේය.

ඔහුව අත්අඩංගුවට පත් වුයේ ඉහත කී කාන්තාවන් ගෙන් ලත් තොරතුරු වලට අනුව එනම් පොලිස් විමර්ශන අංශයේ චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණයකළ චිත්‍රයකට අනුවය. අත්අඩංගුවට ගත් ඔහු අධිකරණ නියෝග මානසික රෝග විශේෂඥයෙකුට යොමු කළ අතර වෛද්‍යවරයාගේ මතය වුයේ මැකාරොන් කොට් අධිලිංගික ක්‍රියාකාරිත්වයෙන් යුතු අයකු බවය.

කෙසේ වෙතත් රුසියාවේ අපරාධ වංශ කතාව යළිත් වරක් අපරාධ වලින් සනිටුහන් කළ මැකාරොන් කොට් තමන්ට දඬුවම් ලැබුණු පසුව ප්‍රකාශ කළේ “මම ජිවිතය ගොඩාක් රස වින්දා මගේ උපන්දින තෑගි ලබාගත්ත එයාලට මගේ තෑග්ග ජීවිතේටම මතක තියේවී.” ලෙසින්ය.

(ඩබ්ලිව්. ඒ.සරත්චන්ද්‍ර)

 

නව අදහස දක්වන්න