ඡන්දයේ ආරක්ෂාවට පොලිස්-එස්ටීඑෆ් 65000ක් | දිනමිණ

ඡන්දයේ ආරක්ෂාවට පොලිස්-එස්ටීඑෆ් 65000ක්

විජයානි එදිරිසිංහ

තව දින දෙකකින් එනම් 10වැනිදා පැවැත්වෙන පළාත් පාලන ජන්ද විමසිමේ ආරක්ෂක කටයුතු සහ ජන්ද රාජකාරි කටයුතු සඳහා පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ හැට පන්දහසක පිරිසක් යොදා තිබේ.

මිට අමතරව සිවිල් ආරක්ෂක බළකායේ සහ ත්‍රිවිධ හමුදා භටපිරිස් ද අවශ්‍යතාවය මත එම ජන්ද සහ ආරක්ෂක කටයුතු වලට සහයෝගය දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නිතිඥ රුවන් ගුණසේකර මහතා පැවසිය. ආරක්ෂක කටයුතුවලට සහ ජන්ද රාජකාරි සඳහා යොදවා ඇති පොලිස් නිලධාරින් සඳහා අවශ්‍ය අවස්ථාවක ආරක්ෂාව වෙනුවෙන් යෙදවිම සඳහා ගිනි අවි සහ උණ්ඩ ලබා දි ඇති බවද මහජනතාවගේ නිතිය සහ සාමය ආරක්ෂාවෙමින් නිදහසේ ඔවුන්ගේ ජන්දය පාවිච්චි කිරිමට අවශ්‍ය සියලු ආරක්ෂක විධි විධාන යොදාා ඇති බවද රුවන් ගුණසේකර මහතා පවසයි.

ජන්ද මධ්‍යස්ථාන 13420 ක් සඳහා එක් ජන්ද මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරින් දෙදෙනකු බැගින් නිලධාරින් 26840ක් යොදවනු ලබයි.

හැම ජන්ද මධ්‍යස්ථානයක්ම ආවරණය වන පරිදි පොලිස් ජංගම සංචාර 4 බැගින් ජංගම සංචාර 3225න් යොදවා තිබේ. එක් ජංගම රථයක් පොලිස් පරික්ෂකවරයකු පොලිස් සැරයන්වරයකු පොලිස් කොස්තාපල්වරයකු සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන් දෙදෙනකු පොලිස් රියදුරු බැගින් ඇතුළත් වෙයි. ඒ අනුව ජංගම සංචාර 3225 සඳහා පොලිසියේ 13552ක් යොදවනු ලබයි. මිට අමතරව ප්‍රදේශ කිහිපයකට ආරක්ක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් 1174ක් යොදවා තිබේ.

ඊට අමතරව ජන්ද ප්‍රතිඵල නිකුත් කිරිමේ මධ්‍යස්ථාන 25ක් වෙනුවෙන් පොලිස් නිලධාරින් 1275ක් ආරක්ෂක කටයුතු වෙනුවෙන්ද කැරල් මර්දන කණ්ඩායම් 140ක ප්‍රමාණයක් කොට්ඨාස මට්ටමින් සහ සහකාර පොලිස් අධිකාරි ඇතුලු විවිධ තනතුරුවල නිල'ධාරින් 1106ක්ද ප්‍රධාන පොලිස් පරික්ෂකවරු 464ක ප්‍රමාණයක් ද ඇතුලත්ව විවිධ නිලධාරින් 3248ක් ජන්ද රාජකාරි කටයුතු සඳහා යොදවා තිබේ. එම රාජකාරිවලට අමතරව පොලිස් ස්ථාන අධික්ෂණය කිරිමට එහි වර්ගිකරණය සඳහා සහකාර පොලිස් අධිකාරිවරුන් , පොලිස් අධිකාරිවරුන් . ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 250ක පිරිසක්ද ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 510ක පිරිසක්ද පොලිස් පරික්ෂකවරු සහ උප පොලිස් පරික්ෂකවරු 5219ක්ද , කාන්තා පොලිස් පරික්ෂකවරියන් සහ කාන්තා උපපොලිස් පරික්ෂකවරියන් 5412ක්ද පොලිස් සැරයන්වරු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 4381ක් ද පොලිස් රියදුරන් 2019ක්ද පොලිස් ආරක්ෂක සහායකයන් 13201ක්ද විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් 4178ක් ඇතුලත්ව පළාත්පාලන ජන්ද කටයුතු සඳහා පොලිසියේ 65710ක් යොදා ඇත.

සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන් 5453ක් මේ සඳහා වෙන්කර ඇති අතර ජන්ද යෙන් පසු ආරක්ෂක කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව යොදවන්නේ එම ප්‍රදේශවල ආරක්ෂක බළසේනාංක සමග සාකච්ජා කර අව්‍ශ්‍යතාවය මත වෙයි. මෙසේ පළාත් පාලන ජන්ද විමසිමේ කටයුතු සඳහා යොදා ඇති පොලිස් නිළධාරින් හෙට 9 වැනිදා වන විට අදාල රාජකාරි ස්ථාන වෙත වාර්තා කළ යුතු වෙයි.

මිට අමතරව සියලුම පොලිස් ස්ථානවලට ජන්දය සම්බන්ධව කටයුතු ආකාරය වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක්ද ලබා දි තිබේ. ජන්ද ප්‍රතිඵල නිකුත් විමෙන් අනතුරුව 11 දක්වා සිට දින තුනක් යනතෙක් පෙළපාලි පැවැත්විම සම්ප්‍රර්ණයෙන්ම තහනම් වෙයි.

ඊයේ රාත්‍රි 12න් පසු සියලුම ජන්ද ප්‍රචාරක කටයුතු අවසන් වෙයි එතැන් සිට ජන්දය පැවැත්වෙන දින දක්වා ඇත්තේ නිහඩ කාලයකි එම නිහඩ කාලය තුළ මැතිවරණ නිතිි උල්ලංඝණය කළහොත්පොලිස් අත් අඩංගුවට ගනු ලබයි.

පසු ගිය මැතිවරණ ප්‍රකාශයට පත් කරන ලද කාලය සිට ඊයේ පෙරවරු හය වන විට පොලිස් මුලස්ථානය වෙත වාර්තා වි ඇති පැමිණිලි 567ක් වාර්තා වි ඇත. ඒ හා සම්බන්ධව සැකකරුවන් 135ක් ද අපේක්ෂකයන් 54ක්ද අත් අඩංගුවට ගෙන ඇත. එම අ‍පේක්ෂකයන් අතරින් දෙදෙනකු හැර ඉතිරි පිරිස ඇප පිට නිදහස් කර තිබේ. 

නව අදහස දක්වන්න