බෙල්ලන්විල නාහිමි අාදාහන පූජෝත්සවය අද | දිනමිණ

බෙල්ලන්විල නාහිමි අාදාහන පූජෝත්සවය අද

සුභාෂීණී සේනානායක

රට ජාතිය ආගම වෙනුවෙන් මෙන්ම මෙරට අධ්‍යපනය වෙුනවෙන් ඉමහත් සේවාවක් සිදු කළ අපවත් වූ වදාළ බෙල්ලන්විල රජමහ විහාරාධිකාරී අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් අාදාහන පූජෝත්වය අද (08) රාජ්‍ය අනුග්‍රහය සහිතව සවස 3.00ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී සිදු කෙරේ.

මෙරට බෞද්ධ පුනර්ජීවනයක් ඇති කරමින් බුදු දහම වෙනුවෙන් ‍විශාල බෞද්ධ ග්‍රන්ථ රාශියක් ලියා ඇති බෙල්ලන්විල නාහිමියෝ මෙරට පෙරහැර සංස්කෘතිය ආරක්ෂා කරමින් දෙස් විදෙස් ජනතාවගේ ආකර්ෂණය දිනාගනිමින් බෙල්ලන්විල මහා පෙරහැර මංගල්‍ය්‍ය අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සිදු කළහ.

මෙරට පිරිවෙන් අධ්‍යපානයට මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය නගා සිටුවීමට මහත් සේ කැපූ වූ උන්වහන්සේ අපවත් වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා වශයෙන් සුවිශාලප සේවාවක් සිදු කරමින් සිටියහ.

මේ වන විටත් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට මහ සංඝරත්නය ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන,අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු මෙන්ම.හිටපු ජනාධීපතිවරුන් ,අගමැතිවරුන් මැති ඇමැතිවරුන් විද්වතුන් කලාකරුවන් මෙන්ම බෞද්ධ ජනතාව ඇතුළු අති විශාල පිරිසක් එම විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටිති.

හදිසි අනතුරකට ලක්ව ශල්‍යකර්මයක් සිදු කිරිමෙන් අනතුරුව රෝහල්ගතව සිටිය දී උන්වහන්සේ අපවත් වූ අතර අපවත් වන විට උන්වහන්සේ 76වන වියේ පසුවිය. 

නව අදහස දක්වන්න