බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දුගේ තරු පටි ගලවා නෑ | දිනමිණ

බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දුගේ තරු පටි ගලවා නෑ

විජයානි එදිරිසිංහ

බ්‍රිතාන්‍ය ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු ලෙස කටයුතු කරමින් සිටියදි පසුගිය නිදහස් දින එම කාර්යාලය අසලට පැමිණි දෙමළ ඩයස් පෝරාවේ විරෝධතාවය අවස්ථාවේ ඊට එරෙහිව කටයුතු කළ  ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් ප්‍රියන්ක ප්‍රනාන්දු රණවිරුවා සමබන්ධව පරික්ෂණයක් සිදු කළත් ඔහු කරන රාජකාරිවලින් ඉවත් නොකර එම රාජකාරිවල යෙදි සිටියදිම එම පරික්ෂණය සිදු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යුද්ධ හමුදාවට උපදෙස් දි තිබේ.

මේ අනුව එම රණවිරුවාගේ තරු පටි ගලවා ඇති බවට අන්තර් ජාලය හරහා සහ වෙනත් කටකතා මගින් කරන ප්‍රචාරය සම්පුර්ණයෙන් අසත්‍ය බව යුද්ධ හමුදාව කියයි.

එම උපදෙස් ලබා දිමට පෙර එම සිද්ධියට අදාළ බ්‍රිගේඩියර් ප්‍රියන්ක රණවිරුවා සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ නිසා ඒ වන විට ඔහු බ්‍රිතාන්‍ය ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඔහු සිදු කරමින් සිටි රාජකාරිවලින් තාවකාලිකව ඉවත් කර තිබුණි. ජනාධිපතිවරයාගේ උපදෙස් ලැබිමත් සමග යළි බ්‍රිගේඩියර් ප්‍රියන්ක එම රාජකාරිවලම තබා එම පරික්ෂණය සිදු කරගෙන යන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රි‍ගේඩියර් සුමිත් අතපත්තු මහතා කිය.

පසුගිය 4වැනිදා මෙරට නිදහස් දිනයේදි බ්‍රිතාන්‍ය ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසලට පැමිණ ඇති දෙමළ ඩයස් පොරාවේ කණ්ඩායමක් උද්ඝෝෂණයක යෙදි ඇත ඒ අවස්ථාවේ එම උද්ඝෝෂණය මැඩ පැවැත්විම බ්‍රි‍ගේඩියර් ප්‍රියන්ත රණවිරුවා කටයුතු කර ඇති අතර ඔහු විසින් හස්ත මුද්‍රාවෙන් කළ දේවල්වල යම් කිසි වැරැද්දක් ඇති බව සඳහන් කරමින් අන්තර් ජාලය පුරා විඩියෝ දර්ශණ ප්‍රදර්ශණය කර ඇත මේ සම්බන්ධයෙන් යුද්ධ හමුදාව විසින් පරික්ෂණයක් ආරම්භ කර ඇති අතර ඔහුගෙන් එම සිද්ධියට අදාලව ප්‍රකාශයක්ද ලබා ගෙන තිබේ. විදේශ කටයුතු අමාත්‍යංශය මගින්ද ඒ සම්බන්ධව පරික්ෂණයක් සිදු කිරිමට ඉඩ ඇති අතර යම් හෙයකින් එම ජරික්ෂණය හමුදාව මගන් පමණක් කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය යුද්ධ හමුදාවෙන් ඉල්ලා සිටියහොත් එම ජරික්ෂණය සිදු කරන බවද බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි. 

නව අදහස දක්වන්න