ශ්‍රී ලංකාව හා චෙක් ජනරජය අතර ද්වි පාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක් | දිනමිණ

ශ්‍රී ලංකාව හා චෙක් ජනරජය අතර ද්වි පාර්ශ්වික වෙළෙඳ ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ චෙක් ජනරජය අතර දිවිපාර්ශ්වික වෙළඳ ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (07) උදේ කොළඹදී සිදු කැරිණි.

ශ්‍රී ලංකාව තම විදේශ වෙළඳපොළ පුළුල් කර ගැනීම සඳහා ලොව විවිධ රටවල් සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම්වලට එළැඹීමේ නව වැඩපිළිවෙළ යටතේ මේ ගිවිසුම අත්සන් තැබුණි.

මේ නව ගිවිසුමට අත්සන් තැබීම සංවර්ධන උපායමාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම සහ චෙක් ජනරජයේ ඉන්දීය හා ශ්‍රී ලංකාව භාර තානාපති මිලාන් හෝවොර්කා යන මහත්වරු අතර ඊයේ කොළඹදී සිදු කැරිණි.

වසර 2020 වන විට මෙරටට ලැබෙන සෘජු විදේශ ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියන පහක් සහ අපනයන ආදායම ඩොලර් බිලියන 20ක් කර ගැනීමේ ඉලක්ක ජයගන්නට මේ නව වෙළඳ ගිවිසුම පවා මහත් පිටුබලයක් වන බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කරයි.

ජයසිරි මුණසිංහ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...