ශ්‍රී ලංකාව තරම් හොඳ පිවිසුම් මාර්ග­යක් තවත් නැත | දිනමිණ

ශ්‍රී ලංකාව තරම් හොඳ පිවිසුම් මාර්ග­යක් තවත් නැත

 උපා­ය­මාර්ග සහ ජාත්‍ය­න්තර වෙළ­ඳාම පිළි­බඳ අමාත්‍ය  මලික් සම­ර­වි­ක්‍රම
වර්ත­මා­නයේ රටෙහි ප්‍රධා­න­තම ප්‍රමු­ඛ­ත්වය වන්නේ විදේ­ශීය ආයෝ­ජන ආක­ර්ෂ­ණය කර ගැනීම වන අතර අපගේ බොහො­ම­යක් ප්‍රති­පත්ති මුල­පි­රීම් ඒ දෙසට ක්‍රියා­ත්මක කර ඇත.
 

රටවල් අතර වෙළඳාම් හා ආයෝජන සම්බන්ධතා පුළුල් කර ගැනීමට කටයුතු කරමින් සිටිනා කාලසීමාවක් තුල ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රමුඛ පෙලේ ජපන් ව්‍යාපාරික නායකයින් 75 දෙනෙකු සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් පිළිගනිම්න් කළ කතාව

යටිතල පහසුකම් සංවර්ධනය, දැනුම හුවමාරු කර ගැනීම සහ තාක්ෂණික සහයෝගයේදී, ජපානය, ශ්‍රී ලංකාවේ දිගු-කල් සිට පැවත එන හවුල්කරුවකි. ජපානය, ඉතා වැදගත් යටිතල පහසුකම් ව්‍යාපෘති බොහොමයක් හා සම්බන්ධ වී සිටී - ඒවා නම්, මධ්‍යම අධිවේගී මාර්ගය, ලයිට් රැපිඩ් ට්‍රාන්සිට් නම් සැහැල්ලු දුම්රිය මාර්ගය, ස්වාභාවික ද්‍රව වායු (එල්එන්ජී) සහ විදුලි බලාගාර, කොළඹ වරාය සංවර්ධනය, ත්‍රිකුණාමලයේ වරාය සංවර්ධනය සහ මහනුවර නගරය සංවර්ධනයයි.

ශ්‍රී ලංකාව හා ජපානය අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා, දශක කීපයක් පුරාවට පැතිරී යයි. 1982 දී, අපගේ රටවල් දෙක, ‘ද්විපාර්ශවික ආයෝජන ප්‍රවර්ධන සහ ආරක්ෂක ගිවිසුමකට‘ එළඹි අතර 1967 තරම් ඈතකදී ‘ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුමකට‘ ද අත්සන් තබන ලදි.

2014 දී, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින්, ජපානයේ වඩාත් කීර්තිමත් බැංකු දෙකක් සමඟ අවබෝධතා ගිවිසුම් දෙකකට ද අත්සන් තබන ලදි - එනම්, ටෝකියෝ බැංකුව සහ මිට්සුබිෂි හා මිසූහෝ බැංකුවයි. ජපාන ආයෝජකයින්, ශ්‍රී ලංකාව තුළ සාර්ථකත්වය අත්පත් කර ගෙන ඇත - උදාහරණ වශයෙන් නැව් ඉදි කිරීමේ සහ අළුත්වැඩියා කිරීමේ අංශය තුල ඩොක්යාඩ් සමාගම, සියුම් පිඟන් බඩු අංශය තුල නොරිටාකෙ, මූල්‍ය සේවාවන් තුළ එස්බීඅයි හෝල්ඩිංස්, ජාත්‍යන්තර සැපයුම් අංශය තුල එස්.ජී.හොල්ඩිංස්, ආහාර නිෂ්පාදන අංශය තුල ITOCHU සමාගම සහ ටෝකියෝ සිමෙන්ති.

එසේම අද, ඔබ වැනි උසස්-මට්ටමේ ව්‍යාපාරික නායකයන්ගේ පැමිණීමත් සමඟ, අපගේ හවුල්කාරිත්වය මීට වඩා උසස් ස්ථානයකට ගෙන යෑමට කාලෝචිත අවස්ථාවක් උදා වී ඇත.

ජනාධිපති සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ, ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව නැවත වරක් ගෞරවාන්විත සහ බලය සහිත ක්‍රියාකරුවකු කරවීම සඳහා, ආර්ථිකය නැවත හැඩ ගැස්වීම සඳහා මුලපිරීම් රැසක් අපගේ රජය විසින් සිදු කොට ඇත. රජය තුල අපගේ අවධානය, වර්ධනය උත්ප්‍රේරණය හා වඩා හොඳ රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා වූ ප්‍රතිසංස්කරණ මුලාරම්භයන් වෙත යොමු වී ඇත.

ණය ඉන්ධන කරගත් පොදු යටිතල පහසුකම්වලට වැය කිරීමේ මත දැඩිව රඳා පැවතුනු මොඩලයක සිට පුද්ගලයෙකු ව්‍යවසාය අපනයන හා ඍජු විදේශ ආයෝජන හරහා ප්‍රේරණය වන ආරම්භක මොඩලයක් කරා මාරු වීම රජයේ අවධානය වී ඇත.

මේ ක්‍රියාවලිය තුළ ව්‍යාපාරික කටයුතු කිරීමේ පහසුව තව තවත් වැඩි දියුණු කිරීම කෙරෙහි අප කැප වී සිටින අතර, මේ 2018 වර්ෂය තුළ එහි ප්‍රතිඵල දකින්නට ලැබීම ආරම්භ වනු ඇත. මේ වසරේ අප්‍රෙල් වන විට, නව ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට යන කාලය දින 6 සිට 1 දිනක් පමණක් දක්වා අඩු වනු ඇත. ඉඩම් සොයාගැනීම සහ දේපල ලියාපදිංචි කිරීමේ කාලය දින 51 සිට දින 26ක් දක්වා අඩකින් අඩු කෙරෙනු ඇති අතර, ක්‍රියාවලියේ පියවර 9, පියවර 2 දක්වා ද අඩු කෙරෙනු ඇත. එමෙන්ම අප අවධානය යොමු කර ඇත්තේ වඩා පහසු ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු තුළින්, ක්ලික් කිරීම් කීපයකින් පමණක් රාජ්‍ය ආයතන දුසිම් ගණනක් සම්බන්ධ කෙරෙන ‘තනි ඉලෙක්ට්‍රොනික කවුළුවක්‘ වෙත ය.

වර්තමානයේ රටෙහි ප්‍රධානතම ප්‍රමුඛත්වය වන්නේ විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීම වන අතර අපගේ බොහොමයක් ප්‍රතිපත්ති මුලපිරීම් ඒ දෙසට ක්‍රියාත්මක කර ඇත.

ආයෝජකයින්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් ප්‍රතිචාර දැක්විය හැකි වන පරිදි හැඩ ගැසීම, දැන් ආයෝජන මණ්ඩලය විසින් සිදු කර ගෙන යනු ලබන අතර, එහි නායකත්වය උසුලන්නේ ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රවීණතා වාර්තා සහිත පෞද්ගලික අංශ නායකයින් විසින්ය. නව අයදුම්පත් සඳහා ප්‍රතිචාරයක් සතියක් තුළ ලබා දෙන බවට ආයෝජන මණ්ඩලය දැන් ආයෝජකයින්ට සහතික වේ. දැන් තීරණ ගනු ලබන්නේ ඉතාමත් වේගයෙන් සහ පෙරට වඩා බොහෝ විනිවිදභාවයකින් යුක්තවය. මෙම මුලපිරීම් පුරණය කරනු ලබන්නේ විස්තීර්ණ වෙළෙඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මගින්ය.

පසුගිය අයවැය තුළින්, භාණ්ඩ 1200ක් සඳහා පනවා තිබූ ආරක්ෂණවාදී අතිරේක තීරු බදු ඉවත් කරනු ලැබූ අතර ඉතිරි භාණ්ඩ මත වූ එම බදු, මේ වසරේදී සහ ඊ ළඟ වසරේදී ඉවත් කිරීමට නියමිතය. අපගේ පිහිටීමෙන් හැකිතාක් වාසි ලබා ගෙන වෙළෙඳ පොළ වෙත අපට ඇති ප්‍රවේශය ව්‍යාප්ත කිරීමට, වෙනත් රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම් කීපයක්ම අපි අත්සන් කරනු ඇත.

සිංගප්පූරු අගමැතිවරයාගේ මීට දින දෙකකට පෙර මෙරට සංචාරය තුළ දී, අප සිංගප්පූරුව සමඟ එවැනි ගිවිසුමකට අත්සන් තබන ලදි. මෙය භාණ්ඩ, සේවා, ආයෝජන, ඊ-වාණිජ කටයුතු, රජයේ ප්‍රතිසම්පාදන, විදුලි සන්දේශ සහ මූල්‍යමය සේවාවන් ආවරණය කරනු ලබන අපගේ පළමු නිදහස් වෙළෙඳ ගිවිසුමයි. එය, වඩාත්ම විවෘත සහ සීමා ආදිය ලිහිල් කරන ලද ආර්ථිකයක් ඇති බවට සැලකෙන සිංගප්පූරුව වැනි රටක් සමඟ අත්සන් කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. ආසියාව සමඟ අපගේ වෙළෙඳ සබඳතා වඩා පුළුල් කර ගැනීම, ශ්‍රී ලංකාවේ ප්‍රගතියේ වැදගත් කොටසක් වශයෙන් අප පිළිගෙන ඇත.

ඊ ළඟට අප කරනු ලබන්නේ ඉන්දියාව සමඟ ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම, විස්තීර්ණ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමක් වශයෙන් තවත් ගැඹුරු කිරීම මෙන්ම මේ වසර තුළ චිනය සමඟ ද නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට ද අපි අපේක්ෂා කරන්නෙමු. ඊට පසුව තායිලන්තය සහ මැලේසියාව සමඟ ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට අපි බලාපොරොත්තු වෙමු. මෑතකදී අප, යුරෝපා සංගමය වෙත ජීඑස්පී ප්ලස් වෙළෙඳ සහන නැවත ලබා ගත් අතර අපට දැනටමත් පාකිස්තානය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇත.

දකුණු ආසියාව වෙත සහ ඉන් ඔබ්බට ගමන් කිරීමට විශ්වාසනීය සහ පහසු මාර්ගයක් සොයන ජපාන ව්‍යාපාරයන්ට ශ්‍රී ලංකාව තරම් හොඳ ස්ථානයක් නොමැත. අපගේ නව නිදහස් වෙළෙඳ ගිවිසුම් තුළින්, ඔබ ආසන්න වශයෙන් පුද්ගලයින් බිලියන 3ක් සහිත වෙළෙඳ පොළක් වෙත අනුග්‍රහපූර්වක ප්‍රවේශයක් ද අත් වනු ඇත. ශ්‍රී ලංකාව මීට හිමිකම් කිව හැකි, ලෝකයේ රටවල් කීපයෙන් එකක් විය හැකිය!

අපගේ ඉතා විශිෂ්ට උපායමාර්ගික පිහිටීම සමඟ, චීනයේ බෙල්ට් සහ රෝඩ් ව්‍යාපෘති සඳහා ද අප ආකර්ෂණීය වී ඇත. රටේ දකුණෙහි නව සැපයුම් සහ කාර්මික කලාපය - හම්බන්තොට පිහිටි - චීන ආයෝජන තුළින් සංවර්ධනය කෙරෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් වැඩි ආයෝජන උනන්දුවක් අපි බලාපොරොත්තු වෙමු. තායිලන්තයේ රෝජානා සංස්ථාව සමඟ හවුලේ කලාපයක් ද ඇතුළුව තවත් කාර්මික කලාප තුනක් ස්ථාපිත කෙරෙමින් පවතියි. මෙම කලාප වල ආයෝජනය කිරීමට ජපාන සමාගම් වලට අප ආරාධනා කරන අතර අපනයන දිශාතන කලාපය ජපාන සමාලම් වෙනුවෙන් දකුණු ආසියානු කලාපය හා ඉන් ඔබ්බට ප්‍රවේශ වීමට විශේෂිත කාරමික කලාපයක් ස්ථාපිත කිරීමට අපි කැමැත්තෙමු.

අපගේ අපනයන අංශ දියුණු කිරීම සඳහා ද ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවා ඇත. එසේම ලබන මාසයේදී තරඟකාරිත්වය සහ නිෂ්පාදන විවිධත්වය වෙත අවධානය යොමු කරමින් අපි ‘ජාතික අපනයන උපායමාර්ගයක්‘ ද දියත් කරන්නට බලාපොරොත්තු වෙමු. මෙහි අවධානය යොමු කරනු ලබන අංශ පරාසය, උසස් වටිනාකමකින් සහ ගුණාත්මකභාවයකින් යුත් ආහාරපාන වල සිට විවේකය සඳහා බෝට්ටු, තාක්ෂණික සේවාවන් සහ ඉලෙක්ට්‍රොනික උපාංග දක්වා දිවෙයි. අපි එසේම, වෛද්‍ය උපකරණ, වාහන අමතර කොටස්, ඛනිජ මත පදනම් වූ නිෂ්පාදන මෙන්ම සැපයුම් සහ මධ්‍ය මෙහෙයුම් කටයුතු කිරීම සඳහා ජපාන ආයෝජකයින් සොයමින් සිටිමු.

මේ සියළුම අංශ තුළ ජපාන ආයෝජකයින් - අපගේ පෞද්ගලික අංශයත් සමඟ සමීපව කටයුතු කර ගෝලීය වෙළෙඳ පොළවල් කරා ළඟා විය හැකි හවුල්කරුවන් සොයා ගැනීමට අපි උනන්දුවෙන් සිටිමු - එමෙන්ම අප වෙත ජපාන දැනුම සහ තාක්ෂණය ගෙන ආ හැකි හවුල්කරුවන්. ජපානය විසින් සිදු කර ඇති සිත් ඇද ගන්නා සුළු තාක්ෂණික වැඩිදියුණු කිරීම් අපි බොහෝ අගය කරන්නෙමු. එසේම අපගේ ආර්ථික හවුලකාරිත්වය තුළින්, එම විශේෂඥ දැනුමෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලැබීම දැක ගැනීමට අපි කැමැත්තෙන් සිටිමු.

ව්‍යාපාර කටයුතු වල නිරත වීම සඳහා, ශ්‍රී ලංකාව වඩාත් ආකර්ෂණීය ස්ථානයක් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ඉදිරියටම කඩිනමින් සිදු කර ගෙන යාම කෙරෙහි අප කැප වී සිටින බව පැවසිය යුතුය.

අමාත්‍යාංශය, ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ අපගේ වාණිජ මණ්ඩලය තුළ අපගේ කණ්ඩායම් හා එක්ව, රටෙහි බොහෝ ඵලදායී අවස්ථා සොයා ගත හැකි වන බවට සහතික වන අතර අපගේ ජනතාව වෙනුවෙන් වඩා හොඳ සහ තවත් තවත් රැකියා නිර්මාණය කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාව තව තවත් සමෘද්ධිමත් කිරීමට අපි සමඟ හවුල් වනු ඇති බව විශ්වාස කරමු.


නව අදහස දක්වන්න

Or log in with...