කෝමා­රි­කා­ව­ලින් ව්‍යාපාරික විප්ල­ව­යක් කරන ඉර­හඳ වෙද ගෙදර | දිනමිණ

කෝමා­රි­කා­ව­ලින් ව්‍යාපාරික විප්ල­ව­යක් කරන ඉර­හඳ වෙද ගෙදර

අපේ රටේ බෝ නොවන රෝග පිළිබඳ නිරන්තර අවධානයක් යොමු කරන කාලයක් මේ. මොකද එක එක නමින් විවිධ රෝග ඇති වෙන්න අරගෙන ඇති යුගයක ඒ වෙනුවෙන් සටන් කිරීම අනිවාර්යයි. දියවැඩියාව, අධික තරබාරුව, කොලෙස්ටරෝල්, හෘද රෝග වගේ රෝග මේ බෝ නොවන රෝග ගණයට අයත් රෝග කිහිපයක් පමණයි. මේ සියල්ලටම ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ අපගේ අවිධිමත් ආහාර රටාවයි. මේ සඳහා බොහෝ දෙනා කාලයක් තිස්සේ පෙති ගිලිමින් සුවය සහනය සොයනවා. මේ පෙතිවලට හැකි වන්නේ රෝගය පාලනයයි. රෝගය සුව කරගත යුත්තේ අපිමයි.

මේ වන විට බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා වැඩි ජනතා විශ්වාසයක් ආයුර්වේද හෙවත් දේශීය වෛද්‍ය විද්‍යාවට හිමිව ඇති බව පැහැදිලියි. ඒ හරහා ආයුර්වේද නිෂ්පාදනවලට තිබෙන ඉල්ලුමත් ඉහළයි. අපේ රටේ ආයුර්වේදීය නිෂ්පාදන පිළිබඳ කතා කරනවිට ඉරහඳ වෙද ගෙදර අමතක කරන්නම බැහැ. ආයුර්වේදීය ආලේපන වර්ග, මුහුණු සේදුම් කාරක වගේම ලෙඩ රෝග ගණනාවකටම සුවදෙන දසබල සක්ති, සිද්ධි, දිඝායු වැනි නිෂ්පාදන රාශියක් ඉරහඳ වෙද ගෙදරින් වෙළෙඳ පොළට නිකුත් වෙනවා. පසුගිය දා ඉරහඳ වෙද ගෙදර අලුත්ම සාමාජිකයා දොරට වැඩියා. ඒ ඇලෝ කෝමා කූල් ඩ්‍රින්ක් (cool drink) නමින්. ඒ හේතුවෙන්ම අපි මෙවර වෙළෙඳ පොළට ආයුර්වේද නිෂ්පාදන බොහොමයක් දායාද කරන ඉරහඳ සමූහ ව්‍යපාරයේ, ඉරහඳ වෙද ගෙදර සහ නේටිව් හර්බල්ස් ආයතනයේ අධිපති ආචාර්ය ප්‍රියන්ත රත්නායක මහතා සමඟ කතා කළා.

 

මොකක්ද මේ ඔබ කරන්න යනවා කියන කෝමාරිකා විප්ලවය?

ශ්‍රී ලංකාවේ අපට කෝමාරිකා කියන්නේ ඉතාමත් වටිනා ඖෂධයක්. නමුත් ඒවාට නිවැරැදි නිෂ්පාදනයක් නැති නිසා කොමාරිකා වගා කරන්නන් පවා කෝමාරිකා වවන්නට දක්වන්නේ ඉතා අලස බවක්. ඒක නිසා මම හිතුවා කෝමාරිකාවල ඖෂධීය ගුණයත් ප්‍රයෝජනයට ගනිමින් කෝමාරිකාවලින්ම තැනූ නිෂ්පාදන කිහිපයක් හඳුන්වා දෙන්න. ඒ හරහා කෝමාරිකා වවන ගොවීන්ටත් ඒ පිළිබඳ උත්තේජනයක් වගේම ඔවුන්ගේ පලදාවට හොඳ මිලකුත් ඇති වෙනවා.

 

කෝමාරිකා විප්ලවය එහෙමත් නැත්නම් ඉරහඳ ජාතික කෝමාරිකා ව්‍යාපාරයේ අරමුණු මොනවාද?

මුලින්ම මෙය ඇති තර ගැනීමේ අරමුණ වෙන්නේ කෝමාරිකා වගාව රට තුළ ප්‍රචලිත කිරීමයි. ඒ හරහා කෝමාරිකා ගොවීන්ගේ පලදාවට මිලක් ඇති කරමින් ඔවුන්ව දිරිමත් කිරීමත් එක අරමුණක්. අපි කෝමාරිකා ගොවීන්ගේ වගා භූමියටම ගොස් ඔවුන්ගෙන් කෝමාරිකා මිලදී ගැනීමත් කරනවා. මූලිකම කාරණය වන්නේ කෝමාරිකාවල පවතින ඖෂධීය ගුණයන් ප්‍රයෝජනයට ගනිමින් නව නිෂ්පාදන වෙළෙඳ පොළට හඳුන්වා දීමයි. එහි දී අපි අපේම ආදර්ශ ගොවිපොළක් සෙල්ලකතරගම ලක්ෂ්මී දේවාලය ආසන්නයේ පවත්වාගෙන යනවා.

සෙල්ලකතරගම ලක්ෂ්මී දේවාලය ආසන්නයේ පවත්වාගෙන යන කෝමාරිකා ආදර්ශ ගොවිපොළේ විශේෂත්වය මොකක්ද?

එහි ඇති විශේෂත්වය තමයි අපේ ගොවිපොළ භූමියේ පැළ වර්ධනයට හෝ කිසිඳු කාරණාවක් සඳහා අපි කෘතිම රසායනිකයන් අඩංගු රසායනික පොහොර භාවිතයට ගන්නේ නැහැ. ඒ වගේමයි අපි ඒ සඳහා යොදන සියලුම පොහොර ස්වභාවික කාබනික පොහොර පමණක්ම බව අවධාරණය කරනවා. එහි පලදාවත් අපි අපේ නිෂ්පාදන සඳහා යොදා ගැනීම සිදු කරනවා.

 

කෝමාරිකාවලින්ම හදපු ඇලෝ කෝමා කූල් ඩ්‍රින්ක් (cool drink)එක ගැනත් කියන්න?

ඇලෝ කෝමා පසුගිය 18 වැනි දා වෙළෙඳ පොළට නිකුත් වුණා. නමුත් එය වසර ගණනාවක් තිස්සේ කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් වෙනවා. කෝමාරිකා සංසදය ගැන අදහස එන්නත් පෙර ඉඳන්මයි මගේ හිතේ අදහසක් තිබුණේ කෝමාරිකා යොදාගෙන පානයක් හදන්න ඕන කියලා. කෝමාරිකා සංසදයට අඩිතාලම වැටෙන්නේත් ඒ හරහායි. මොකද නිෂ්පාදනය සඳහා අමු ද්‍රව්‍ය සෙවීමේදී පැන නැඟුණු ගැටලුවලට පිළියමක් විදිහටයි කෝමාරිකා සංසඳය පිහිටුවා කෝමාරිකා ඒකරාශී කිරීම සම්බන්ධ අදහස ඇති වුණේ.

 

මොනවද ඇලෝ කෝමා කූල් ඩ්‍රින්ක් එකේ තියන ඖෂධීය ගුණයන්?

ඇලෝ කෝමා කූල් ඩ්‍රින්ක් කියන්නේ ලොකු පොඩි හැමටම පානයට සුදුසු ඖෂධීය පානයක්. ගොඩක් දෙනා අම්ල පිත්ත රෝගය හෙවත් ගෑස්ට්‍රයිටීස් රෝගයට පිළියම් ලෙස කෝමාරිකා මද ආහාරයට ගන්නවා. නමුත් එය ටිකක් අපහසුයි. නමුත් කිසිඳු අපහසුවකින් තොරව මේ පානය පානය කළ හැකියි. ඒ වගේමයි අක්මා රෝග, ශරීරය සිසිල්වීමට, ලේ විෂ වීම්වලට මෙන්ම අධික මත්පැන් පානය නිසා සිරුර අභ්‍යන්තරයේ ඇති වෙන පීඩාකාරී දාහයටත් දිව ඔසුවක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්. මෙහි ඉතා පහළ සීනි මට්ටමක් අඩංගු වන නිසා දියවැඩියා රෝගීන්ටත් පානයට සුදුසු වෙනවා.

 

ඉරහඳ පවුලෙන් ඉදිරියේ දී කෝමාරිකා සාරයෙන් යුතුව එන නවතම සාමාජිකයන් පිළිබඳවත් කතා කරමු.

ඉදිරියේ දී චවි කුමාරි නමින් face wash එකක්, ක්‍රීම් එකක්, ජෙල් එකක් වගේම මෝස්චරයිසර් ක්‍රීම් එකකුත් ඉතා ඉක්මනින්ම වෙළෙඳ පොළට පැමිණීමට නියමිතයි.

 

කොහොමද ඉරහඳ නිෂ්පාදනවලට පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඉරහඳ කියන්නේ වසර ගණනාවක් පුරා ජනතා විශ්වාසය දිනාගත් නාමයක්. රට පුරාම නිෂ්පාදන බෙදා හරින නිසා හැම ප්‍රදේශයේම වගේ අපේ නිෂ්පාදන ප්‍රසිද්ධයි. පෙති කරල් ගිලීමේ බටහිර නූතන තාක්ෂණය පරයා අපේ දේශීය නිෂ්පාදනය කෙරෙහි විශේෂ අවධානයක් හිමිව ඇති බව රහසක් නෙමෙයි. ඒ බව සිද්ධිවලට, චවිකාන්ති බියුටි ඩ්‍රින්ක් එකට, දිඝායුවලට වගේම දසබල සක්තිවලටත් තිබෙන ඉහළ ඉල්ලුමෙන්ම පැහැදිලි වෙනවා. පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ඒ ප්‍රතිචාරවලට අපි ගරු කරනවා. මොකද අපිට තවත් අඩියක් ඉදිරියට තියන්න ඒ අදහස් විශාල ශක්තියක් වෙනවා.

ප්‍රියන්ත රත්නායක

 

ඔබ ආයතනයේ මේ නිෂ්පාදන නිපදවීමේදී සැලකිලිමත්වන කරුණු මොනවාද?

අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ වස විසවලින් තොර ස්වභාවික අමු ද්‍රව්‍යයම යොදාගෙන අපේ නිෂ්පාදනයන් කරන්නයි. මොකද අද බොහොමයක් ලෙඩ රෝගවලටත් ආහාර පානවල තිබෙන වස විස මූලික වෙනවා. ඒ නිසයි අපි අපේ නිෂ්පාදනවලට අහිතකර රසායනිකයන් වගේම රසායනිකයන් යෙදූ අමුද්‍රව්‍යවත් යොදා නොගන්නේ.

ඒ වගේමයි පිරිසිදු බව, සෞඛ්‍යාරක්ෂිත බව, වගේම ඖෂධීය ගුණයන් ආරක්ෂා වීම පිළිබඳවත් අවධානය යොමු කරනවා. මේ සියල්ලෙහි ඇත්ත නැත්ත සොයන්න පුළුවනි මාළඹේ පිට්ටුගල තියන අපේ නිෂ්පාදනාගාරයට පැමැණියහොත්. 

 
සුගන්ධි අනු­රු­ද්ධිකා ආරි­ය­රත්න

 

අදහස් 2ක් ඇත

මම ඇඹිලිපිටිය ප්‍රදේශයේ කාන්තාවකි.මෙම ප්‍රදේශයේ ස්වයං රකියාවක් ලෙස කෝමාරිකා වගා කල හැකිද?

නව අදහස දක්වන්න