බියෝන්ඩ් බයෝ­ටෙක් 2018 නව මංපෙත් විවර කරයි | දිනමිණ

බියෝන්ඩ් බයෝ­ටෙක් 2018 නව මංපෙත් විවර කරයි

 කොළඹ ශ්‍රී ලංකා පදනම පරිශ්‍රයේ පැවැත් වූ මේ සම්මන්ත්‍රණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න, ඇපලෝ රෝහල් සමූහයේ උප සභාපතිනි දොස්තර ප්‍රීතා රෙඩ්ඩි මහත්මිය ඇතුළු දෙස් විදෙස් ප්‍රභූවරුන්, විද්‍යාඥයන් හා වෛද්‍ය විශේෂඥයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහය සතු එම උප මහද්වීපය තුළ ව්‍යාප්තව ඇති රෝහල් විශාල සංඛ්‍යාවක රෝග කාරක විනිශ්චය පිළිබඳ විශේෂිත ඩී.එන්.ඒ (DNA) සේවා සැපයීම සඳහා ක්‍රීඩන්ස් ජෙනෝමික්ස් පෞද්ගලික සමාගම පත් කිරීම ශ්‍රී ලාංකික වෛද්‍ය සේවා ක්‍ෂේත්‍රයේ ජයග්‍රාහී අවස්ථාවකි. ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටා ඇති අති නවීන විද්‍යාගාර සංකීර්ණයක් මගින් මේ සුවිශේෂී ඩී.එන්.ඒ. රෝග නිර්ණය සේවා සියලු ඇපලෝ රෝහල් වෙත ලබා දීමට කටයුතු සලසා ඇත. ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට මෙවැනි සුවිසල් සේවා යටිතල පහසුකම් දියත් වන අතර, මෙමගින් ලබන නිපුණතාවය ඔස්සේ වෛද්‍ය සේවා පදනම් වූ සංචාරක ක්‍ෂේත්‍රය වඩා වර්ධනය කර ගැනීමට හැකියාව උරුම වනු ඇත. ක්‍රීඩන්ස් ජෙනෝමික්ස් ආයතනය ගොඩනඟා ගෙන ඇති සුවිශේෂී වූ විද්‍යාත්මක නිපුණතාවයන්, අති නවින තාක්‍ෂණය හා යටිතල පහසුකම් එම

ආයතනයේ ඉදිරි ක්‍රියාදාමයන් හා නව නිපැයුම් එළි දැක්වීම බියෝන්ඩ් බයෝටෙක් 2018 සම්මන්ත්‍රණයේ එක් අරමුණකි. එමගින් දේශයක් ලෙස ශ්‍රී ලංකාව වෙත අත්වන පිළිගැනීමත්, හැකියාවත් ඔස්සේ රාජ්‍ය අනුග්‍රහය, සැලසුම් සම්පාදනය, විද්‍යා හා පර්යේෂණ ක්ෂේත්‍රයෙහි සියලු වැදගත් කොටස් එක් අරමුණක් ඔස්සේ ඒකරාශී කිරීම තවත් අරමුණකි.

මේ සම්මන්ත්‍රණයේ සාර්ථකත්වය පිටුපස ක්‍රීඩන්ස් ජෙනෝමික්ස් පෞද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන මයික්‍රෝ ජෙනෝමික්ස් ආයතනයත් ලොව විශාලතම ජීව විද්‍යා තාක්‍ෂණ සේවා සැපයුම් ආයතනය වන තර්මෝ ෆිෂර් සයන්ටිෆික් සමාගමත් ලබාදුන් නොමසුරු දායකත්වය සඳහන් කළ යුතුය.

දොස්තර වාස් ඥානම් මහතාගේ පුරෝගාමී දැක්මක ප්‍රතිඵලයක් ලෙස 2011 වසරෙදි ආරම්භ වූ ක්‍රීඩන්ස් ජෙනෝමික්ස් පෞද්ගලික සමාගම අද වන විට ඩී.එන්.ඒ. රෝග නිර්ණය කිරීමේ ක්‍රමවේද, තාක්‍ෂණ හා සම්බන්ධ වෛද්‍ය සේවා සැපයීම් මගින් ඉදිරියෙන්ම සිටියි. දොස්තර ඥානම් මහතා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවා ආයතනයේදී (NHS) ජාන විද්‍යාව හා සුවිශේෂ පරිගණක තාක්‍ෂණ පිළිබඳ රැස් කර ගත් අත්දැකීම් සම්භාරය ශ්‍රී ලාංකීය ජනතාවටත් පොදුවේ මනුෂ්‍ය සමූහයටත් සුවසෙත සැළසීමට යොමුකොට ඇත. එම අභිප්‍රාය මුදුන්පත් කර ගැනීම පිණිස ඔහු වර්ෂ 2015 සිට විවිධ සේවා හඳුන්වා දී ඇත. ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ එන්.ජී.එස් (NGS) තාක්‍ෂණය භාවිතා කර රෝග කාරක නිර්ණය කිරීමේ ගෞරවය ඔහු හිමි කරගෙන සිටියි. අද වන විට මේ ආයතනයට හිමි වී ඇති අන්තර්ජාතික පිළිගැනීම දොස්තර ඥානම් මහතාගේ කැපවීමේ ප්‍රතිඵලයකි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...