පන්නි­පි­ටිය පෞද්ග­ලික රෝහ­ලෙන් කාටත් දැරිය හැකි මිල­කට සෞඛ්‍ය පරී­ක්ෂණ පැකේජ | දිනමිණ

පන්නි­පි­ටිය පෞද්ග­ලික රෝහ­ලෙන් කාටත් දැරිය හැකි මිල­කට සෞඛ්‍ය පරී­ක්ෂණ පැකේජ

මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල සුවිශේෂී වට්ටම් සහිතව වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් නව සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ පෙළක් හඳුන්වා දී තිබේ. විවිධ වයස් මට්ටම්වල පසුවන සහ විවිධ සෞඛ්‍ය තත්ත්වයන්ගෙන් යුත් අය සඳහා වෙන් වෙන් වශයෙන් විශේෂයෙන් සකස් කරන ලද පැකේජ රැසක් මීට ඇතුළත් වේ.

අධි තාක්ෂණික පහසුකම් යොදා ගනිමින් සිදුකරනු ලබන අති නවීන වෛද්‍ය පරීක්ෂණ ද ඇතුළත්ව නිරෝගී දිවියක් පවත්වා ගැනීම සඳහා උපකාරී වන වෛද්‍ය පරීක්ෂණ රැසක් ආවරණය වන පරිදි හඳුන්වා දී තිබෙන මේ සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ අන් කිසිදු පෞද්ගලික රෝහලකින් නොලැබෙන ආකාරයේ කාටත් දැරිය හැකි සහනදායී මිල ගණන් යටතේ පිරිනැමීමට පන්නිපිටිය පෞද්ගලික රෝහල පියවර ගෙන තිබේ. වයස අවුරුදු 40 ට අඩු අය සඳහා වන පැකේජ, අවුරුදු 40 ට වැඩි අය සඳහා පැකේජ, හදවත් පරීක්ෂණ සඳහා පැකේජය, දියවැඩියා පිරික්සුම් පැකේජය, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පැකේජය, පූර්ව විවාහ පැකේජය, සන්ධි වේදනා සහ සන්ධි ඉදිමීම් පරීක්ෂාව සඳහා පැකේජය සහ යෞවනයන් සඳහා පිරික්සුම් පැකේජය රෝහල නව මුහුණුවරකින් හඳුන්වා දී තිබෙන පැකේජ අතරින් කිහිපයකි.

“ලාභ ඉපයීමම අරමුණු කර නොගනිමින් අනවශ්‍ය වියදම් කපා හැර ඉන් අත්වන ප්‍රතිලාභද රෝගීන් වෙත ලබාදීමටයි අප රෝහල නිරන්තරයෙන් පියවර ගන්නේ. මේ නව සෞඛ්‍ය පැකේජ පරීක්ෂණ සඳහා වැයවන මුදලට අඩු විශේෂ වට්ටම් සහිත මිල ගණන් යටතේ හඳුන්වා දීමට කටයුතු කළේ ද ඕනෑම අයකුට තමන්ට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සියල්ල දැරිය හැකි මිලකට සහ උසස් ප්‍රමිතියකින් යුතුව සිදුකර ගැනීමේ අවස්ථාව උදාකර දෙමිනුයි” යනුවෙන් පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසීය.

 

නව අදහස දක්වන්න