IIHS ආය­ත­නය සහ ආසිරි රෝහල එක්වී හෙද ඩිප්ලෝ­මා­වක් නොමිලේ පිරි­න­මයි | දිනමිණ

IIHS ආය­ත­නය සහ ආසිරි රෝහල එක්වී හෙද ඩිප්ලෝ­මා­වක් නොමිලේ පිරි­න­මයි

IIHSආයතනයේ (www.iihsciences.edu.lk) සහ ආසිරි පෞද්ගලික රෝහලේ එකමුතුවෙන් පිරිනමන “ආසිරි හෙද ශිෂ්‍යත්ව වැඩසටහන” ඔස්සේ ජාත්‍යන්තරව පිළිගත් හෙද ඩිප්ලෝමාවක් නොමිලේ හැදෑරිමට දැන් අවස්ථාව උදා වී ඇත. වසර තුනක කාලයක් හැදෑරිය යුතු මෙම සාමාන්‍ය හෙද ඩිප්ලෝමාව සඳහා ඇතුළත්වීමේ ගාස්තුවද ඇතුළුව රු. 946000 ක මුදලක් වැය වන නමුත් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ එම ඩිප්ලෝමාව IIHS ආයතනයෙන් නොමිලේ හැදෑරිය හැකිය. හෙද ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විද්‍යාවේදී හෙද උපාධියක් දක්වා උසස් අධ්‍යාපන කටයුතු සිදු කළ හැකිය.

මෙම ඩිප්ලෝමාව හැදෑරීම සඳහා ලියාපදිංචි වීමට උසස් පෙළ සම්පූර්ණ කිරීම හෝ සාමාන්‍ය පෙළ ගණිතය සහ විද්‍යාව සම්මාන සහිතව සමත් වීම හෝ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සමත් වීම හෝ හෙද සේවයේ වසර දහතුනක අත්දැකීම් මූලික සුදුසුකම්ය. හෙද ඩිප්ලෝමාවේ ප්‍රථම වසර වැලිසර පිහිටි IIHS ආයතනයේදී පූර්ණ කාලීනව හැදෑරිය යුතු අතර සියලු අධ්‍යයන පහසුකම් සහ නිල ඇඳුම් නොමිලේ සැපයේ. දෙවන සහ තෙවන වසරවලදී අධ්‍යාපනය ලබන අතර ආසිරි රෝහලේ ප්‍රායෝගික පුහුණුව ලැබිය හැකිය. එහිදී ආහාර පාන, නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම් සහ රුපියල් 10,000ක මාසික දීමනාවක් හිමි වේ.

හෙද ඩිප්ලෝමාව සම්පූර්ණ කරන ඩිප්ලෝමාධාරීන්ට හෙද ක්ෂේත්‍රයේ වෘත්තීය මං පෙත් විවර කර දීමට ආසිරි රෝහල සහතික වෙයි. ජාත්‍යන්තර සහ දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වසර පහළොවකට වැඩි අත්දැකීම් ඇති IIHS ආයතනය ISO තත්ත්ව සහතිකයෙන් මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය හෙද සංගමයෙන් සහතික ලබා ඇත. IIHS ආයතනය (0114651144/0766566078) සහතිකපත්‍ර පාඨමාලාවල සිට ආචාර්ය උපාධි දක්වා විවිධ විෂය ක්ෂේත්‍ර ඔස්සේ අධ්‍යාපන සුදුසුකම් පිරිනමයි.

නව අදහස දක්වන්න