කලීඩා සියාට වසර 05 ක සිරදඩුවම් | දිනමිණ

කලීඩා සියාට වසර 05 ක සිරදඩුවම්

දූෂණ චෝදනා හේතුවෙන් බංග්ලාදේශ විපක්ෂ නායිකා සහ හිටපු අගමැතිනි කලීඩා සියාට වසර 05 ක සිරදඩුවම් නියම කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

බංග්ලාදේශයේ ඩකා අගනුවර අධිකරණයකදී ඇයට එරෙහිව පැවති දූෂණ නඩුවේදී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

කෙසේ වෙතත් මෙය දේශපාලන පළිගැනීමක් බවට ද ඇය චෝදනා කර ඇත්තේ.

එමෙන්ම, ඇයගේ ආධාරකරුවන් ඩකා අගනුවර කලහකාරි අන්දමින් හැසිරීම හේතුවෙන් පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇති බව ද සදහන්.

ළමා නිවාසයකට අරමුදලකින් මුදල් වංචා කිරීමක් පිළිබඳ විපක්ෂ නායකවරියට චෝදනා එල්ලවී ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායිකාව ද වන කලීඩා සියා වංචාකර ඇතැයි පැවසෙන මුදල ඩොලර් දෙලක්ෂ පනස් දෙදහසක්.

අවස්ථා දෙකකදී බංග්ලාදේශයේ අගමැතිනිය ලෙසට ද කටයුතු කල කලීඩා සියා අධිකරණයට පැමිණෙන අවස්ථාවේ එම ප්‍රදේශයේ ආරක්ෂාව ද දැඩි කර තිබු බව සඳහන්.

කලහකාරී තත්වයේදී පොලිස් නිලධාරීන් 05 දෙනෙකු තුවාල ලබා ඇති අතර යතුරුපැදි දෙකක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශකර තිබේ.

මේ අතර විපක්ෂ නායිකාවට පක්ෂපාතී පිරිස් තවත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පවත්වා ඇත.

කෙසේ වෙතත්, මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් හේතුවෙන් ලන්ඩනයට පිටුවහල් කර සිටින කලීඩා සියාගේ පුත්‍රයාට ද 2016 වසරේදී දුෂණ සහ අපරාධ චෝදනා රැසක් එල්ල විය.

එමෙන්ම බංග්ලාදේශ අගමැතිනිය වන ශික් හෂීනා විසින් මහ මැතිවරණයක් ද ප්‍රකාශයට පත්කර තිබේ.

කලීඩා සියාගේ පක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය 2014 වසරේ පැවති මැතිවරණය වර්ජනය කළ අතර ඔවුන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

නව අදහස දක්වන්න