පෘථිවියේ මල් කළඹක් | දිනමිණ

පෘථිවියේ මල් කළඹක්

සෝවියට් ලේඛක මිහයෙල් පොකොව්

මෙහි පළමු කොටස පසුගිය සතියේ පළ විය.

"ඔව් ඔබට නිවැ‍රැදිව වැටහිලා තියෙනවා. ඒත් දෙවැනි පියවර සඳහා විශාල බල ශක්තියක්.......අති විශාල බල ශක්තියක් අවශ්‍යයි" "මැමත්ලටත් වඩා විශාල..............." "මැමත්ල පහසුයි" බුන්යාක් කීවේය. "ඔවුන් යෝජනා කළා අපි තිරිසන් සත්තු වර්ග කීපයක්ම පිරිමි සත්තු සහ ගැහැනු සත්තු ටික දෙනෙක් නැවත පණ ගන්වන්න. මිනිසුන් ගැන කියනවා නම් ඒක වෙනත් කාරණයක්. ඔබ දන්නවනෙ ජීව විද්‍යාවට වඩා සදාචාරය පිළිබඳ ප්‍රශ්න එතන තියෙනවා."

බුන්යාක්ට පිටිපසින් වූ කවුළුවෙන් ඈත දිස්වෙන ගෝලාකාර ශිඛර දෙස චර්නොව් බලා සිටියේය. "කාලයත් සමඟ සෛලවල වෙනස් කළ නොහැකි තත්ත්වයක් වර්ධනය වෙනවා." ඔහු කියාගෙන ගියේය. "මිනිසුන් සම්බන්ධයෙන් නම් වයසෙ ප්‍රශ්නයක් තියෙනවා. (වයස තිහ පමණ) විට නැවත පණ ගැන්වීම් කළ නොහැකියි. මරණය සිදු වුණේ පහුවෙලා නම් අපට බලයක් නැහැ. මීට අමතරව කොන්දේසි බිලියනයක් විතර තියෙනවා. ඉතින් අපට ‍තෝරා ගැනීම පිළිබඳ ගැටලුවට මුහුණ දීමට සිදුව තිබෙනවා." චර්නොව් නිහඬවම සිටියේය. "විශාල වශයෙන් නැවත පණ ගැන්වීම ගැන හිතන්නවත් බැහැ. විශේෂයෙන් බලශක්ති සීමාව නිසා. අනෙක් ගැටලුත් විසඳිය නොහැකියි. සදාචාර ගැටලු විද්‍යාත්මක ගැටලුවලට වඩා ප්‍රබලයි. ඒත් අපට කරන්න කිසිම දෙයක් නැහැ. ඔබත් මගේ තත්ත්වයට පත්වෙලා බලන්න. එවිට ඔබට වැටහේවි."

"නැහැ" චර්නොව් පැවසුවේය. "ඔබ මා ගැන සියල්ල දන්නෙ නැහැ. මම ආපහු ආවෙ තනියම...." බුන්යාක් බලාගෙන සිටියේය.

"අපි දෙන්නෙක් හිටියා" චර්නොව් දිගටම කියාගෙන ගියේය. "අපේ ගමනට අවුරුදු පහක් ගත වුණා. අපි ළඟා වුණ ග්‍රහලෝකය ආවරණය වෙලා තිබුණ පරිසරය අපේ තත්ත්වයට අනුව විෂ සහිතයි. ඒත් එයින් ජීවයේ ප්‍රාථමික අවස්ථාවට බාධාවක් වුණේ නැහැ. අපට තහවුරු කරගන්න ලැබුණෙ එපමණයි." බුන්යාක් අවධානයෙන් අසා සිටියේය. "මුල් කාලයේ තාරකාවලට ගිය යානාවලට වගේම අපේ යානාවේත් ගොඩබැසීමට අවශ්‍ය ආම්පන්න තිබුණේ නැහැ. ඒක සීමාසහිත සම්පත් සහ එක අසුනක් පමණක් තිබුණ ගොඩබැසීමේ යානයක් විතරයි. සැලසුම් කළ විදියට මගේ සහෝදර ගගනගාමියා එම යානාවට ගොඩ වුණා. අපි වෙන් වුණා. ඇත්තටම අපි සදහටම වෙන් වුණා." බුන්යාක්ගේ හඬෙහි වෙනසක් ඇති විය. "ගොඩබැසීමේ යානාව විනාශ වෙන්න ඇති කියලා ඔබ අනුමාන කරන්න ඇති. ඒත් මිනිහා බේරුණා. ඔහු පරීක්ෂණ පවත්වලා ඒවායේ ප්‍රතිඵල මට දැනුම් දුන්නා. අපට ලැබුණ තොරතුරුවලට බාධා සිදුවන කොට අපට වැටහුණා ගොඩබැසීමේ යානය ප්‍රතිසංස්කරණය කරන්න බැරි තරමට අබලන් වෙලා බව. ඉතින් අපි එකිනෙකාගෙන් සමු ගත්තා. මම ප්‍රථිවිය බලා පිටත් වුණා"

"එතකොට ඔහු?"

"කොහොම වුණත් මට ඔහුට උපකාර කරන්න බැහැ" චර්නොව් කීවේය. "ඒත් අපි දෙන්නම දැනගෙන හිටියා අප සොයාගත් තොරතුරු පෘථිවියට දැන්වීමේ වැදගත්කම. එම ග්‍රහලෝකයේ ජෛව විවිධත්වය. ඔව් ඒක තමයි අපට වැදගත් වුණේ" බුන්යාක් කිසිවක් නොකීවේය. " අපි සේවය කරන්නෙ පෘථිවියට" චර්නොව් දිටගම කියාගෙන ගියේය. "ඒක මට ගන්න සිදු වුණ අමාරු තීරණයක්. ඒත් මට කළ හැකි වෙනත් කිසිම දෙයක් නැහැ. දැන් මම මිනිස්සු අතරට ඇවිල්ලා. මට පෙනෙන හැටියට ඒ අය මා ගෙනා තොරතුරු ගණන් ගත්තෙ නැහැ. මට දෙවන සිතුවිල්ලක් ඇති වුණා. ඒත් ඒ වෙලාවෙ අපට ගන්න තිබුණ නිවැ‍රැදිම තීරණය ඒකයි." "දැන් මම වෙනස් මගක් ගන්න උත්සාහ කළා" චර්නොව් නැවත කීවේය. "බාග වෙලාවට ඔහු දන්නවා ඇති ඒක කොහොම වෙයිද කියලා. බාග විට ඔහු මගේ නාමයෙන් සිතන්න ඇති. ඒත් ඇත්තෙන්ම මම ඔහුව අතඇර ආවා." "සේරම කියන්න අවශ්‍ය නැහැ." බුන්යාක් කීවේය. "ඔබට නරකම දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක ඔහුගෙ ඉරණම. ඔබට කිසිම බලයක් නැහැ" චර්නොව් පිළිතුරු නොදුන්නේය. ඔහු කවුළුවෙන් පිටත බලා සිටියේය. ගස් අතර හිදැසක් දක්නට ලැබුණි. "බලය නැති වුණහම ඉන්නෙ නරකම තත්ත්වයක." බුන්යාක් නැවත් කීවේය. "අපටත් කරන්න දෙයක් නැහැ"

"නැහැ මම එකඟ වෙන්නෙ නැහැ. මට ඔබගෙ පණිවිඩය ලැබුණා. ඒත් මම එකඟ වුණේ නැහැ" චර්නොව් පැවසුවේය.

"හොඳයි, මිනිස් වර්ගයා අපට ණය නැහැ. මගේ මිත්‍රයා දස ලක්ෂ ගණනක් අතරින් එක්කෙනෙක් විතරයි. මම ඔබට කියන්නෙ තවත් අය හිටියා"

"කවුද?" "හැම කාලෙකදිම ශ්‍රේෂ්ඨ මිනිස්සු හිටියා. ඒ මිනිස්සු නොහිටිය නම් අද ලෝකය මේ විදියට තියෙන්නෙ නැහැ. ඒ අය නොහිටියා නම් තත්ත්වය ඉතාම නරක් වෙනවා." "වයස සීමාව අමතක කරන්න එපා" බුන්යාක් ඔහුට සිහිපත් කර දුන්නේය.

"අවුරුදු තිහට වැඩිවෙන්න බැහැ."

"ඒක එහෙම තමයි. ඒත් ලෙර්මොන්ටොව්, ගැලෝයිස් වගේ අය හිටියා.....ඒ වගේ හුඟක් මිනිස්සු"

"හරියට හරි." බුන්යාක් කීවේය.

"ඒක තමයි අපට හුඟක් අසීරු වුණේ" "ඒක සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ගැන ඔබට......චර්නොව් සුදුසු වචනයක් සොයමින් අතපත ගාන්නට විට. "ඔබට සියල්ලම මතක නැහැ" බුන්යාක් පිළිතුරු නොදුන්නේය. ඔහු ඈත නිහඬ ආකාශය දෙස බලා සිටියේය. ඔහුගේ ඇස්වල වෙහෙසට පත් බවක් පෙනෙන්නට තිබිණ. අනතුරුව ඔහු නැඟී සිටියේය. "ඔබ හරි අපට කිසිවක් හරියට මතක නැහැ" ඔහු කීවේය. "එන්න මාත් එක්ක." පැයක කාලයකට පමණ පසු ඔවුහු ප‍ටු වේදිකාවක සිටගෙන සිටියහ. තමන් එතනට පැමිණියේ කෙසේද යන්න ගැන චර්නොව්ට වැටහීමක් නොවීය. ඔහුට එහි සම්බන්ධතාව මතක නැත. ඔහුට මතක තමන් ආයතන ගොඩනැගිල්ලෙන් පිටව දිග ප‍ටු පාරක් දිගේ ගමන්කොට දඟර ගැසුන පියගැට පෙළක ඉහළට නගිනවා පමණි. පහතින් දක්නට ලැබුණේ නිල් පැහැති සාගරය සහ තැනින් තැන තිබූ හිමෙන් වැසුණු නිවාසයි. නගරය හරහා සුළං හමා ගිය අතර ගස් මුදුන් සුළඟට වැනෙන්නට විය. දුර සිට එන තුනී ත්‍රිකෝණාකාර පයිප්පයක් වැන්නක් හඬ නොනඟාම ඔවුන් වෙතට ඉතා වේගයෙන් පැමිණියේය. "මොනෝ" බුන්යාක් පැහැදිලි කළේය. "මොනෝරෙයිල් දුම්රියක්. මේක තමයි මෙහි ප්‍රධාන පොදු ප්‍රවාහන සේවය" දීර්ඝ මැදිරිය වේගය අඩු නොකොටම සුළඟක් මෙන් ඇදී යන්නට විය. "අපි මේ කොහෙද යන්න හදන්නේ?" චර්නොව් විමසුවේය. "ඒ ගැන කරදර වෙන්න එපා." බුන්යාක් යන්තමින් සිනාසුණේය. "මම හිතන්නෙ නැහැ මේකෙ වැඩි වෙනසක් තියෙනවා කියලා." අනතුරුව මැදිරිය හෙමිහිට නතර විය. මැදිරියේ බිත්තියක් විවෘත වූ අතර ඔවුහු ඊට ඇතුළු වූහ. දුම්රිය තණ බිම මැදින් ඇදී යන්නට විය. නගරය මැදින් වැටී ඇති වංගු සහිත මාර්ගයේ සුදු පැහැති ගොඩනැඟිලි අතරින් දුම්රිය වේගයෙන් ඇදී යයි.

"ඔබ මාව ‍රැගෙන යන්නේ කොහාටදැයි දැනගන්න මම කැමතියි" චර්නොව් තදින් ඉල්ලා සිටියේය. "ඔබ හිතනවා අපට කිසිවක් මතක නැහැ කියලා. අපි මිනිසුන් එක්ක වැඩ කරන්නෙ නැත්තෙ ඇයි කියලා ඔබ තාම වටහාගෙන නැහැ කියලා. මම ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නම්. ඒත් මාව විශ්වාස කරන්න. අපි යන තැන විශේෂ වෙනසක් නැහැ" චර්නොව් නොසතු‍ටු මුහුණින් යුතුව මගීන් දෙස බැලුවේය. ඒ සියල්ලන්ම තරුණ පෙනුමක් ඇති කාන්තාවන් බව ඔහුට පෙනුණි. හැම කෙනෙක්ම රෝස පැහැයෙන් යුතු කොට ගවුන් ඇඳ සිටිති. කාන්තාවෝ තම දණහිස මල් කළඹකින් ආවරණය කරගෙන සිටිති. එයින් හමන අමුතු සුවඳින් අවකාශය පිරී ඇත. වරින් වර නතර කරමින් දුම්රිය වේගයෙන් ඇදී යයි. "ඒ අයට මෙච්චර මල් අවශ්‍ය ඇයි කියලා මට නම් තේරෙන්නෙ නැහැ." චර්නොව් කීවේය. ඒ අය වැඩ කරනවද? මේ මහ දවල් මිනිස්සු පාරවල්වල රස්තියාදු වෙනවා. ඒ අය කවදාවත් වැඩ කරන්නෙ නැද්ද?" රිය නතර වූ අතර එය නගරයෙන් පිටවීමේ දොර‍ටුව විය හැකිය. මල් ‍රැගත් තරුණියෝ පියගැට පෙළින් බැස කැලෑව සහ කුඹුරු අතරින් වැටී ඇති ප‍ටු මාර්ගයේ ගමන් කළහ. එම ප‍ටු පාර පයින් ගස් අතරින් කන්දක් වෙතට වැටී ඇත. කුඹුරුවල අස්වැන්න පීදී තිබේ. "මේ ග්‍රීෂ්ම කාලය. මම ඔබට කිව්වනේ මිනිසුන්ගෙ නිවාඩු කාලය කියලා. කේන්ති ගන්න එපා." ප‍ටු මාවතේ අවසාන වංගුවේදී බුන්යාක් නතර විය. එහෙත් තරුණියෝ උස ගස් අතර වූ සිහිවටන ඵලකයක් වෙතට ගමන් කළහ. ඒ අසල සදාකාලිකව දැල්වෙන පහන ( යුද ස්මාරකය) විය. "කේන්ති ගන්න එපා. සියලුම මොනොරෙයිල් මෙවැනි ස්ථානවලදීයි ගමන නතර කරන්නේ. මහ පොළොෙව් යුද්ධය තිබුණ හැම ස්ථානයකම මිය ගිය අය ඒ තැන්වලම පොළොවට පස් වෙලා. ඒ අතරින් අපට නැවත පණ ගන්වන්න පුළුවන් අතළොස්සයි. මේ වගේ අය දසලක්ෂ සිය ගණනක් ඉන්නවා. ඔව්, වැඩි දෙනෙක් ළමයි. ඒ අයට මිනිස් වර්ගයා වෙනුවෙන් සේවයක් කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. ප්‍රධාන කාරණය මේ අය අතරින් අපි කෙනෙක්ව ‍තෝර ගන්නෙ කොහොමද? ඔබට පේනවා නේද අපට මුහුණ දෙන්න තියෙන ගැටලුවේ බරපතලකම." ඔහු නිහඬ විය. චර්නොව් ද නිහඬ විය. යුග දෙකක විසූ මිනිසුන් දෙදෙනෙක් උරෙන් උර ගැටෙමින් බලා සිටියහ. තරුණියෝ තමන් අත වූ මල් පොකුරු අඳුරු ස්මාරකය මත කඳු ගැසූහ. රෝස පැහැති ඇඳුමින් සැරසුන ඔවුහු හිස් අතින් ඉවතට ගියහ.

අනුවාදය - බොබී ජී බොතේජු

නව අදහස දක්වන්න