Talk Shop - පෙබරවාරි - 14 | දිනමිණ

Talk Shop - පෙබරවාරි - 14

රෝමයේ පැවති පෞරාණික සැණකෙළියකින් පැවත එන බවට විශ්වාස කෙරෙන වැලන්ටයින් දිනයට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ.

වසන්තයේ උදාව සනිටුහන් කරමින් රෝමානුවෝ පෙබරවාරි මස මැද භාගයේ ලුපකාලියා නමැති සැණකෙළිය සමරති.

සැණකෙළියේ එක් අංගයක් වශයෙන් පෙට්ටියක් තුළ බහාලූ තරුණියන්ගේ නම් සහිත කුසපත් තරුණයන් විසින් තෝරා ගනු ලබන බව පැවසේ.

සැණකෙළි සමය අවසන්වන තෙක් ආදරවන්තයින් ලෙස හැසිරෙන ඔවුන්ගෙන් ඇතැමෙක් විවාපත් වූහ.

පසුකාලීනව එම සැණකෙළිය ක්‍රිස්තියානි උත්සවයක් බවට පත් කිරීමට කතෝලික සභාවට අවශ්‍ය විය.

එසේම වැලන්ටයින් සාන්තුවරයා සිහිපත් කිරීම සඳහා පෙබරවාරි 14 වෙනිදා යොදා ගැනීමටත් සභාව තීන්දු කළේය.

ක්‍රමයෙන් තම ලබැඳියන්ට සෙනෙහස පළකිරීම සඳහා වැලන්ටයින් සාන්තුවරයාගේ නම යොදා ගැනීමට ජනතාව හුරු වූහ.

ඉතිහාසය සහ සැමරීම කෙසේ හෝ වේවා, වැලන්ටයින් දිනය සහ එහි අදහස සම්බන්ධයෙන් ශ්‍රි ලාංකික තාරුණ්‍යය සහ බහුතරයෙන් අප වීමසීමක් කලා.

මේ එම විමසීමේ තතු විත්ති සැකෙවින්.

නරඹන්න ....

දැනුවත් කරන්න......

නව අදහස දක්වන්න