බංග්ලාදේශ විස්සයි20 පිලේ වෙනස්කම් 7ක් | දිනමිණ

බංග්ලාදේශ විස්සයි20 පිලේ වෙනස්කම් 7ක්

ශ්‍රී ලංකා පිලට එරෙහිව එළැඹෙන තරග 2කින් සමන්විත විස්සයි20 තරගාවලියට නම් කළ බංග්ලාදේශ පිලේ වෙනස්කම් 7ක් සිදු කිරිමට එරට තේරිම් කමිටුව පියවර ගෙන තිබේ. පසුගිය තුන්කොන් එක්දින තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ ටෙස්ට් සහ විස්සයි20 පිලේ නායක ශකීබ් අල් හසන් නැවත නායකයා ලෙස කණ්ඩායමට එක්වී සිටින අතර ප්‍රවීණ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල්ට සහ වමත් වේගපන්දු යවන මුස්ටෆිසුර් රහ්මාන් ද කණ්ඩායමට කැඳවා තිබේ.

මීට අමතරව මෙතෙක් එරට ජාතික කණ්ඩායම නියෝජනය නොකළ නවක ක්‍රීඩකයන් 5 දෙනකු ද කණ්ඩායමට එක්වී සිටිති.

බංග්ලාදේශ විස්සයි20 පිල මෙසේය. ශකීබ් අල් හසන් (නායක), ටමීම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, මුෂ්ෆිකුර් රහීම්, මහ්මුදුල්ලා, සබීර් රහ්මාන්, මුස්ටාෆීසුර් රහ්මාන්, රුබේල් හොසේන්, මොහොමඩ් සයිෆූඩීන්, අබු හයිඩර්, අබු ජයිඩ්, අරිෆුල් හක්, මෙහෙඩි හසන්, සකීර් හසන්, අෆීෆ් හොසේන්. 

නව අදහස දක්වන්න