පළාත් පාලන ආයතන සමඟ එක්ව පොදු සංවර්ධන සැලැස්මක් හදනවා | දිනමිණ

පළාත් පාලන ආයතන සමඟ එක්ව පොදු සංවර්ධන සැලැස්මක් හදනවා

ජනාධිපති පොළොන්නරුවේදී කියයි

පළාත් පාලන ආයතන සමඟ එක්ව ආණ්ඩුව විදියට රටේ සංවර්ධනය සඳහා පොදු සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසීය.

පොළොන්නරුව විද්‍යාලෝක විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදී 2018, පළාත් පාලන මැතිවරණය සඳහා සිය ඡන්දය පාවිච්චි කිරීමෙන් පසු මාධ්‍යවේදීන් අමතා ජනාධිපතිවරයා මේ බව සඳහන් කෙළේය.

මෙහිදී තවදුරටත් කතා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

මෙවර පළාත් පාලන මැතිවරණය දීප ව්‍යාප්තව පැවැත්වෙනවා. මනාප ඡන්ද ක්‍රමය අහෝසි කිරීම ගැන දේශපාලන පක්ෂ භේදයකින් තොරව සැමට සතුටුවියහැකි ක්‍රමයක් ක්‍රියාත්මකවීම නිසා සාමකාමී මැතිවරණ ව්‍යාපාරයක් පවත්වනවා.

මනාපක්‍රමය තිබෙන විට එකම පක්ෂයේ අය අතරේ, ගැටුම් ප්‍රශ්න ඇතිවෙනවා. මේ මැතිවරණය සාමකාමී මැතිවරණයක් නිසා මම රටේ ජනාධිපතිවරයා වශයෙන් විශේෂයෙන් සතුටුවනවා. ඒ වගේම මැතිවරණ ව්‍යාපාරය තුළත් පක්ෂ අතරේත් ගැටුම් වාර්තාවී නැහැ. නිදහස් හා සාධාරණ මැතිවරණයකදී ඡන්ද දායකයාට නිදහසේ පැමිණ බියක් සැකයක් නොමැතිව ඡන්දය පාවිච්චි කිරීමට ලැබෙන වටිනා අවස්ථාවක් මෙවර උදාවී තිබෙනවා.

පොළොන්නරුව විශේෂ

නව අදහස දක්වන්න