ගම්සභා දිනුවාට මහින්දට රට අල්ලන්න බැහැ | දිනමිණ

ගම්සභා දිනුවාට මහින්දට රට අල්ලන්න බැහැ

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර ගම් සභා ජයග්‍රහණය කළාට සමස්තය පරාජයට පත් වී ඇති බව හිටපු පරිපාලන නිලධාරියෙකු වූ මාමඩල සිල්වා මහතා ප්‍රකාශ කරයි.

මාමඩල සිල්වා මහතා එසේ ප්‍රකාශ කළේ පසුගියදා (10) පැවැති පළාත් පාලන මැතිවරණය පිළිබඳව අදහස් දක්වමිණි.

ඒ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ සිල්වා මහතා-

2015දී පැවැති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 243295කි. එම වසරේ පැවැති මහා මැතිවරණයේදී රාජපක්ෂ මහතාගේ අපේක්ෂකයන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව වූයේ 196980කි. ඒ අනුව 46315(19%) අඩුවීමක් දක්නට ලැබේ. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රිත්කයෙන් ශ්‍රීලනිපය ඡන්ද 196980ක්ද, එක්සත් ජාතික පක්ෂය 130433ක්ද, ජනතා විමුක්ති පෙරමුණ 36527ක්ද ලබාගත් අතර මෙහි එකතුව 363940කි. වෙනස 120645කි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටු කණ්ඩායම ලබා ගත් ඡන්ද ප්‍රමාණය 199018කි. ඒ අනුව 2015 ජනාධිපතිවරණය හා සැසැඳීමේදී අඩුවී ඇති මහින්දගේ ඡන්ද ප්‍රමාණය 44277(18%) කි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය ඡන්ද 101702ක්ද, ශ්‍රීලනිපය 41059ක්ද, ජනතා විමුක්ති පෙරමුණ 51029ක්ද, ස්වාධීන කණ්ඩායම 5467ක්ද ලබා ගන්නා ලදී. මෙහි එකතුව 199257කි. පොහොට්ටුව ලබාගත් ඡන්ද ප්‍රමාණය 199018කි. වෙනස 239කි.

මුලු රටෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද ප්‍රමාණය 4941952කි. එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 3612259කි. ශ්‍රීලනිපය 1481656කි. එජාපයේ සහ ශ්‍රිලනිපයේ ඡන්ද ප්‍රමාණයේ එකතුව 5093915කි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කළ පොහොට්ටු පක්ෂය 151963කින් පසු පසින් සිටී.

වසර ගණනාවක් තිස්සේ පැවැති සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනුවට මෙවර ඡන්දය කොට්ඨාස ක්‍රමයකට පැවැත්විණ. නව ක්‍රමය යටතේ මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගත් බව වාර්තා පළ වේ. 2015 ජනවාරි මාසයේ මෙන් 2020 වසරේදී ජනාධිපති මැතිවරණයේදී ශ්‍රී ලංකාව එක් කොට්ඨාසයක් ලෙස සලකා පෙබරවාරි 10 දින ඡන්ද ප්‍රතිඵලය විග්‍රහ කළ විට මහින්ද රාජපක්ෂ මහතාට 2020දී වත් ජනාධිපති විය නොහැක‍. 

අදහස් 1ක් ඇත

mahattayo... oyala paradayi. eka piliganda. kalakanni reply epa.

නව අදහස දක්වන්න