ඇතැම් මාධ්‍ය වාර්තා බොරු | දිනමිණ

ඇතැම් මාධ්‍ය වාර්තා බොරු

පළාත් පාලන ඡන්දයෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් නොවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එවැනි හමුවක් සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තාකර ඇති වාර්තාවන් අසත්‍ය බව එම නිවේදනය පෙන්වා දෙයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහත සදහන් වේ.

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබදව ඇති වුවා යැයි කියන එකඟතා පිළිබඳව ඇතැම් මාධ්‍ය තුළ විවිධ මත පළ වෙමින් තිබේ.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව එවැනි කිසිදු තීරණයකට හෝ එකඟතාවයකට එළඹ නැති බැවින් එම මාධ්‍ය වාර්තා ප‍්‍රතික්ෂේප කෙරේ.

නව අදහස දක්වන්න